NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

MILITARY / WARFARE / WWII : ස්ටැලින් ඔහු ද්‍රෝහියෙකු ලෙස සිරගත කොට වද දුන්නේය, පසුව ඔහුට හිට්ලර්ට එදිරි සෝවියට් සංග්‍රාමය මුලුමනින්ම බාර දුන්නේය.

 


කොන්ස්ටන්ටින් රොකොසොව්ස්කි (Konstantin Rokossovsky) කියන්නේ මුළු දෙවන ලෝක යුද්ධයේම හිටපු දක්ෂතම සෙනෙවියන්ගෙන් කෙනෙක්.

ස්ටාලින්ග්‍රාඩ් (Stalingrad), කර්ස්ක් (Kursk), සහ සොවියට් දේශයේ විශාලතම හමුදා මෙහෙයුම ජයග්‍රහණය කරන්න මුල් වුණු පුද්ගලයා ඔහුයි. 

එහෙත් මේ අපූරු යුධ සෙනෙවියාගැන කියන්නට තිබෙන පුදුම හිතෙන දෙය නම් ඒ ජයග්‍රහණවලට අවුරුදු කීපයකට කලින්, ස්ටාලින්ගේ රහස් පොලීසිය එයාගේ දත් කඩලා, පපුවේ ඇට බිඳලා, මූණිස්සම රහිත පතරොම් (blank cartriges) යොදාගෙන දෙපාරක්ම වෙඩි තියලා මරන්න බවට අඟවා දැඩි මානසික පීඩාවකට පත්කරලා තිබුණා කියන එක.

තමන්ගේම රට තමන්ට වධ දීලා, මරන්න ආසන්නයටම ගෙනිච්චට පස්සෙත්, එයා ඒ සොවියට් දේශය බේරගන්න හමුදාවන්ට නායකත්වය දුන්නා.

1930 ගණන්වල අගභාගයේ ස්ටාලින්ගේ "මහා ශෝධනය" (Great Purge) කියන උමතු කාලවකවානුවේදී, කුමණ්ත්‍රණවලට බියෙන් මුසපත්ව සිටි ස්ටැලින් තමන්ගේම හමුදා නිලධාරීන්ව විනාශ කරද්දී, රොකොසොව්ස්කිවත් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත්තා. එයාව ද්‍රෝහියෙක් සහ ඔත්තුකරුවෙක් විදිහට හංවඩු ගහලා හිරේට දැම්මා. එහෙදී එයාට දරුණු විදිහට වධ දුන්නා; 

මිටියකින් ගහලා ඉස්සරහා දත් කැඩුවා, පපුවේ ඇට සහ කකුලේ ඇඟිලි කඩලා දැම්මා. දෙපාරක්ම එයාව මරණ දඬුවම දෙන්න එළියට අරන් ගිහින්, මානසිකව වධ දෙන්න මූණිස්සම රහිත පතරොම් යොදාගෙන බොරුවට වෙඩි තියන නාට්‍යයක් කළා. ඒත් එයා නොකරපු වැරදිවලට වරදකරු වෙන්න කැමති වුණේ නැහැ. 

1940 වෙද්දී, හිට්ලර් කොයි මොහොතේ හෝ නැගෙනහිර පෙරමුණ සෝවියට් ඉදිරි වළලු කඩාගෙන ඉදිරියට එනබවට තහවුරු වෙමින් තිබෙද්දී සටකපට ස්ටැලින් එයාව නිදහස් කළා. මොකද, යුද්ධ කරන්න පුළුවන් සෙනෙවිවරුන්ගේ අවශ්‍යතාවය සොවියට් දේශයට හදිසියේම සහ දැඩි ලෙස දැනුනා. 

ඒ වනවිට පලපුරුදු, දක්ෂ සෙනෙවියන් විශාල ප්‍රමාණයක් ස්ටැලින්ගේ වියරු ශෝධනයට හසුවෙලා මරා දාලා, නැතිනම් හමුදාවකට අණදෙන්නට නොහැකිවන ලෙසම දරුණු වදහිංසා විඳිමින් සයිබීරියානු සිරකඳවුරුවල මානසික ලෙඩුන් වෙලා ඉවරයි.

එහෙත් ස්ටැලින්ගේ වගේම සෝවියට් දේශයේ වාසනාවට රොකොසොව්ස්කිට ඒ ඉරණම අත්ව තිබුණේ නෑ. රොකොසොව්ස්කි හිට්ලර්ගේ දක්ෂම සෙනෙවියන්ටත් වඩා යුධ උපායේ දක්ෂයෙකු වුනා.

 හිට්ලර් Operation Barbarossa මෙහෙයුම දියත්කරලා ජර්මනිය ආක්‍රමණය කරපු වෙලාවේ, එයා විශාල සටන් හරහා වේගයෙන් ඉදිරියට ආවා. මොස්කව් සටනේදී සතුරු සීමාවන් රඳවාගන්නත්, ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ජර්මානු 6 වන හමුදාව කොටු කරලා එයාලව පරාජය කරන්නත්, කර්ස්ක් සටනේදී සැලසුම්සහගත ආරක්ෂක උපක්‍රම මගින් ජර්මානු අවසාන ප්‍රහාරය ව්‍යර්ථ කරන්නත් ඔහුගේ අණ යටතේ සටන්වැදුනු සෝවියට් හමුදා සමත්වුනා.


ඊටපස්සේ, 1944 ග්‍රීෂ්ම සෘතුවේදී, ජර්මානු "Center" හමුදා කණ්ඩායම සම්පූර්ණයෙන්ම විනාශ කරපු "Operation Bagration" කියන යෝධ මෙහෙයුමේ ප්‍රධාන සැලසුම්කරුවා සහ අණදෙන නිලධාරියා වුණේ එයා. ඒක මුළු යුද්ධයේම වාර්තා වුණු විශාලතම ජයග්‍රහණයක්.

එයාට දෙපාරක්ම "Hero of the Soviet Union" ගෞරව නාමය ලැබුණා වගේම, එයා "Marshal of the Soviet Union" තනතුරටත් උසස් වුණා. බර්ලිනය අල්ලගත්ත හමුදාවලටත් එයාගේ භටයන් ඇතුළත් වුණා. හැබැයි මේ කතාවේ තිත්ත අවසානයකුත් තියෙනවා: යුද්ධයෙන් පස්සේ, පෝලන්ත සම්භවයක් තියෙන රොකොසොව්ස්කිව, කමියුනිස්ට් පෝලන්තයේ ආරක්ෂක ඇමති විදිහට ස්ටාලින් යැව්වා. 

ඒත් එයාගේ කතාවේ ප්‍රධානම දේ තමයි තමන්ව විනාශ කරන්න හදපු පාලන තන්ත්‍රය වෙනුවෙන්ම එයා සේවය කරලා, ජයග්‍රහණය අරන් දුන්නා කියන එක.

Comments