INNOVATION : ගෘහස්ථ වැසිවනාන්තරයක් ලෙස නිර්මාණය කල අලුත්ම Amazon.Com කාර්යාලය


"The Spears" ලෙස හඳුන්වන මේ කාර්යාලය අතිවිශාල ගෝලාකාර වීදුරු හරිතාගාර (green houses) තුනකින් සෑදී ඇත. ඇමසන් මූලස්ථානයද ඇති සියැටල් නගරයේ නිර්මාණය කර ඇති  මේ කාර්යාල සංකීර්ණය ඇතුලත වැසි වනාන්තරයක සිරිය ගෙන එන ආකාරයට ගස්වැල් පැලකොට ඇත.ඩොලර් බිලියන 4ක බරපැනක් දරා නිර්මාණය කොට ඇති මෙය තුල විවිධ වර්ගයේ ගස්වැල් ප්‍රබේධ 400ක් පමණ ඇති අතර ඒවා රැකබලා ගැනීම සඳහා පූර්ණ කාලීන උද්භිද විද්‍යාඥයෙකුද බඳවාගෙන තිබේ.









නිර්මාණය හා ගොඩනැගීම සඳහා වසර 7ක් ගතවී ඇති මේ ව්‍යාපෘතිය මගින් ඇමසන් සමාගම අතිනවීන දැක්මක් ඇති, අනාගතය ගැන අවබෝධයක් ඇති සමාගමක් ලෙස ලොව පිලිගැනීමට පාත්‍රවනු ඇතැයි, මේ හරිතාගාර කාර්යාල සංකීර්ණය විවෘතකරමින් ඇමසන් ප්‍රධාන විධායක හා සභාපති ජෙෆ් බීසෝස් පවසා සිටියා.

දැනට ප්‍රබේධ 400ක පැලෑටි 40,000ක් පමණ මේතුල සරුවට වැඩී ඇති අතර පරිගණක ආධාරයෙන් මේ හරිතාගාර තුල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 22හි පවත්වාගෙන යන අතර ආර්ද්‍රතාවයද 60%ක මට්ටමේ පවත්වාගෙන යනු ඇත.






















__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments