SPY GAMES : සිරියානු මිසයිල ඉන්ජිනේරුවාගේ මරණය මොසෑඩ් මෙහෙයුමක්?


ආචාර්ය අසීස් අස්බාර්

ආචාර්ය අසීස් අස්බාර්, සිරියානු ජාතිකයෙකි. සිරියානු රජයට ඉතාමත්ම වැදගත් රොකට් ඉන්ජිනේරුවෙකු වූ ඔහු, සිරියාවේ පරම සතුරෙකු වූ ඊශ්‍රායලයේ ජනාකීර්ණ නගරවලට පහරදිය හැකි මිසයිල නිපදවීමේ ව්‍යාපෘතියක ප්‍රධානියා වූවාය. ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙකු වී අසීස් අස්බාර්ට සිරියානු හා ඉරාන රජයන්ගේ නොමද සහය හිමිවී තිබූ අතර පෙර අවසරයකින් තොරව සිරියානු මෙන්ම ඉරාන රජයේ ඉහලම නිළධාරීන් හමුවීමේ අවස්ථාව ලැබී තිබූ පුද්ගලයෙකි. පසුගිය සෙනසුරාදා ඔහු කාර් බෝම්බයකින් මිය යනවිට, " Sector 4" නැමත රහස් කේතයෙන් හඳුන්වන මිසයිල ව්‍යාපෘතියක ප්‍රධානියාවූ අතර 2017දී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් විනාශවූ දැවැන්ත අවිගබඩාව යලි භූගත ගබඩාවක් ලෙස නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේද ප්‍රධානියාව සිටියේය.

මොහුගේ ඝාතනය ඊශ්‍රායලයේ කුප්‍රකට ඔත්තුසේවය වූ මොසෑඩ් ක්‍රියාන්විතයක් බව සිරියාව මෙන්ම ඉරානයද චෝදනා කරන අතර තමන්ට නිතරම එවැනි අවලාද එල්ලවන බව පවසන මොසෑඩ් ආයතනය තමන් එවැනි අභූත චෝදනා ගනන් නොගන්නා බව පවසනවා.

සිරියාවේ ඉතාමත්ම රහසිගත හා වැදගත් අවි පර්යේෂණාගාර තිබෙන මැස්යාෆ් නගරයේදී මේ කාර් බෝම්බ ප්‍රහාරය එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් මොසෑඩ් ආයතනය, අසීස් අස්බාර් පසුපස වසර ගණනාවක් තිස්සේම පන්නමින් සිටි බව මැදපෙරදිග රහස් ඔත්තුසේවාවල නිළධාරීන් පවසනවා.  

සිරියාවේ "Syrian Scientific Studies and Research Center" පර්යේෂණායතනයේ Sector 4 ප්‍රධානියා ලෙස ආචාර්ය අස්බාර්, සිය තාක්ෂණය ඉරානය සමගද බෙදාගැනීමේ ව්‍යාපෘතියක නිරතව සිට තිබෙනවා. සිරියාවේ නිෂපාදනය වන ප්‍රභල මිසයිලයක් වන SM600 Tishreen රොකට්ටු නිෂපාදනාගාරයක් ඉරානට ලබාදී ඇති අතර මෙහි නිපදවන රොකට්ටුවල ඉලක්කය හඹායාමේ නිරවද්‍ය බව වැඩිදියුණු කිරීම සඳහා ඉරානය හා හවුල්ව්‍යාපෘතියක සම්බන්ධීකාරක ලෙසද අස්බාර් කටයුතුකරමින් තිබෙනවා.


SM600 Tishreen රොකට්ටු 









__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. මැදපෙරදිග කලාපයේ මේ සම්බන්ධව ඊශ්‍රායලය වගේම සවුදි අරාබියත් සැක කරන්න පුළුවන් උනත් මාත් හිතනව මෙය මොසාඩ් ක්‍රියාන්විතයක් කියල. දැනට අවුරැදු කිහිපයකට කලින් UAE වල පලස්තීන හමුදා නායකයෙක් ඝාතනය උනා මෙවැනිම මොසාඩ් කල්ලියක් මගින්.

    ReplyDelete

Post a Comment