NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

ChatGPT යනු විශිෂ්ට මෙවලමකි - එහෙත් ChatGTP සැබැවින්ම සත්‍ය කරුණ දන්නා බව සිතීම මිත්‍යාවකි

ChatGPT වැනි භාෂා ආකෘතියක්, වඩාත් විධිමත් ලෙස හඳුන්වනු ලබන්නේ "ජනක පූර්ව පුහුණු ට්‍රාන්ස්ෆෝමරයක්" ලෙසිනි (G, P සහ T යනු එයයි). එබැවින් ChatGPT වචන ජනනය කරන නමුත් එයට ඔබටලබාදෙන ලියැවුම් සත්‍ය කරුණුදැයි පරීක්ෂාකිරීමේ හෝ තහවුරු කිරීමේ ක්‍රමයක් නොමැත. .

එබැවින් ChatGTP  සැබැවින්ම සත්‍ය කරුණ දන්නා බව සිතීම මිත්‍යාවකි. එය දන්නේ ඊළඟට පැමිණිය යුතු වචනය කුමක්ද යන්න පමණි. වෙනත් ආකාරයකින් කිවහොත්, ChatGPT සත්‍ය වාක්‍ය ලිවීමට උත්සාහ නොකරයි. නමුත් එය පිළිගත හැකි වාක්‍ය ලිවීමට උත්සාහ කරයි.

කෙසේ වෙතත්, ChatGPT විමසුම් සඳහා පිළිතුරු ජනනය කරන ආකාරය ඔබ දැක ඇත්නම්, එය සියල්ල දන්නා බව ඔබ සිතනු ඇත. මෙය සම්පූර්ණ වැරදි විශ්වාසයකි. 

එබැවින්, ඉතා පරිස්සමින් කරුණු පරීක්ෂා නොකර ChatGPT ලිවීම් භාවිතා කිරීමේදී ප්‍රවේශම් වන්න

Comments