China’s New DF-61 Intercontinental Ballistic Missile Breaks Cover

 


DF-61 ලෙස නම් කර ඇති නව චීන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM), හෝ අඩුම තරමින් එහි ප්‍රවාහක-ස්ථාපක-දියත්කාරකයක් (Transporter Erector Launcher - TEL) බීජිං නුවර පැවැත්වීමට නියමිත දැවැන්ත හමුදා පෙළපාලිය සඳහා අවසන් මොහොතේ කෙරෙන සූදානම් කිරීම් අතරතුර ඡායාරූපගතකර තිබෙනවා. 

චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩාවේ විශාල ව්‍යාප්තියක කොටසක් ලෙස, එහි මාර්ග-චලන (road mobile)  DF-41 ICBM සඳහා අනුප්‍රාප්තිකයෙකු ඇතුළුව, ඊළඟ පරම්පරාවේ ICBM නිපදවමින් සිටින බවට කලක සිට වාර්තා තිබුණා.

DF-61 ලෙස සලකුණු කරන ලද (ඇත්ත වශයෙන්ම මිසයිලයක් ඇතුළත තිබේදැයි නොදනී) කැනිස්ටර් සහිත රෝද 16 කින් යුත් TEL රථ බීජිං නුවර සැප්තැම්බර් 3 දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහිව රට ලැබූ ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සනිටුහන් කරන මෙම පෙළපාලියට මෙම මිසයිල එක් කොට තිබුණා.

Comments