ඇමරිකානු ගුවන් හමුදාවේ පියාසර කරන B-21 Raider ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා දෙකක් එඩ්වඩ්ස් ගුවන් හමුදා කන්දවුරට ලැබී තිබෙනවා. මේ දෙවන පූර්ව-නිෂ්පාදන (pre-production) B-21 යානය ඊයේ එඩ්වඩ්ස් වෙත පැමිණි බව පලමුවෙන්ම වාර්තා කලේ TWZ නම් ආරක්ෂක පුවත් වෙබ් අඩවියයි.
අද වන විට ලබා දී ඇති පූර්ව-නිෂ්පාදන B-21 යානා දෙකම දැන් එඩ්වඩ්ස් හි 420 වන ගුවන් පරීක්ෂණ බලඝණයට අනුයුක්ත කර ඇති අතර, 420 වන ගුවන් පරීක්ෂණ බලඝණය, B-21 ඒකාබද්ධ පරීක්ෂණ බළකායේ ප්‍රධානම පරික්ෂකයා ලෙස ක්‍රියා කරනවා.
එඩ්වඩ්ස් දිගු කලක් තිස්සේ ගුවන් හමුදා පරීක්ෂණ සහ ඇගයීම් කටයුතු සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇත, නමුත් 2010 දශකයේ අග භාගයේ සිට එහි පහසුකම් සැලකිය යුතු ලෙස පුළුල් කරන ලද අතර මෙය බොහෝ කාලයක් නිර්මාණ අදියරේ පසුවුනු රේඩර් වැනි ස්ටෙල්ත් යානා පරීක්ෂණ හා තහවුරු කටයුතු සඳහා විය යුතුයි.
පියාසර කරන B-21 යානා දෙකට අමතරව, තවත් පියාසර නොකරන Raider ගුවන් යානා දෙකක්වත්, ස්ථිතික පරීක්ෂණ (static testing) සඳහා උපකාර කිරීමට යොදා ගැනෙනවා. තවත් පූර්ව-නිෂ්පාදන Raider යානා හතරක් Northrop Grumman සමාගමේ Plant 42 නිෂ්පාදන පරිශ්‍රයේ විවිධ ඉදිකිරීම් අවධිවල පවතිනවා. ජනවාරි මාසය වන විට, Northrop Grumman සමාගමට අමතර B-21 යානා නිෂ්පාදනය සඳහා මූලික ආරම්භක නිෂ්පාදන කොන්ත්‍රාත්තු (initial low-rate production contracts) දෙකක් ද ලැබී තිබුණා.


Comments
Post a Comment