ජූනි මාසයේදී ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා විසින් බෝම්බ හෙලන ලද න්‍යෂ්ටික පහසුකම්වල සුන්බුන් යට ඔහුගේ රටේ යුරේනියම් තොග තවමත් සිරවී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාක්චි මුල්ම වතාවට තහවුරු කලා. ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා, ප්‍රහාරය අතිශයින්ම සාර්ථක බවට සිදුකල ප්‍රකාශයද තහවුරු වෙමින් තිබෙනවා.
ඇමරිකන් හා ඊශ්‍රායල ප්‍රහාර වලින් පසුව තම න්‍යෂ්ටික ද්‍රව්‍යවල භෞතික තත්ත්වය පිළිබඳව ඉරානයෙන් පළමු වරට සෘජු තහවුරු කිරීම මෙයයි.
රජයේ රූපවාහිනියට අදහස් දක්වමින් අරාක්චි කියා සිටියේ, “අපේ සියලුම ද්‍රව්‍ය බෝම්බ හෙලූ පහසුකම්වල සුන්බුන් යට තිබෙනවා” යනුවෙනි.
ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය දැනට තක්සේරු කරමින් සිටින්නේ එම යුරේනියම් ආරක්ෂිතව ලබා ගත හැකිද සහ එහි තත්ත්වය කෙසේද යන්නයි.
මෙම තොගයට, ආයුධ නිෂ්පාදනයට ආසන්න මට්ටමක් වන 60% දක්වා සාරවත් කරන ලද යුරේනියම් කිලෝග්‍රෑම් 408-440ක් පමණ ඇතුළත් වනවා.
දැවැන්ත බංකර් බස්ටර් බෝම්බ සහ ටොමහෝක් මිසයිල භාවිතා කරමින්, ඊශ්‍රායලය හා ඇමරිකාව, ෆෝර්ඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන ප්‍රධාන ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන ඉලක්ක කර ගනිමින්.
ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාර මගින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් “සර්වසම්පූර්ණයෙන්ම විනාශ කරන ලද” බවයි. එහෙත්, මාධ්‍යවලට කාන්දුවූ වූ බුද්ධි තක්සේරු කිරීම්වලින් යෝජනා වූයේ මෙම වැඩසටහන විනාශ වී නොමැති බවත්, එය මාස ගණනකින් පමණක් පසුපසට ගිය බවත්. මේ ප්‍රකාශ ට්‍රම්ප් හා යම් මාධ්‍ය අතර මෙන්ම ඇමරිකාවේ බුද්ධි අංශ සමගද යම් ගැටුමකට ගෙනගියා.
ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු බුද්ධි විශ්ලේෂණවලින් පෙනී ගියේ, ඉරානයේ සෙන්ට්‍රිෆියුජ් යටිතල පහසුකම්වලට පුළුල් හානියක් සිදු වුවද, එහි සාරවත් කළ යුරේනියම් තොගවල නිශ්චිත ස්ථානය සහ තත්ත්වය අවිනිශ්චිතව පැවති බවයි.
කෙසේ වෙතත්, ඉරාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙම තක්සේරුව වෙනස් කර තිබෙනවා. මෙම නව තොරතුරු මත, විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය වාර්තා කළේ, පළමු වතාවට ඉරානයට ආයුධ මට්ටමේ යුරේනියම් නිපදවීමට “හඳුනාගත හැකි මාර්ග” නොමැති බවයි.
Comments
Post a Comment