ඊශ්‍රායලය, හමාස් සංවිධානයේ ඉහළම නායකත්වයට ඉලක්ක කරගත් ප්‍රහාරයක් කටාර් අගනුවර වන දෝහාහිදී සිදුකලා.. ඊශ්‍රායල හමුදා කටාර් දේශය තුළ ප්‍රසිද්ධියේ ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය වන අතර, එය හමාස්ට එරෙහිව රට සිදු කරන මෙහෙයුම්වල සැලකිය යුතු ව්‍යාප්තියක් සනිටුහන් කරනවා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සහ ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය හෙවත් ෂින් බෙත් ඒජන්සිය සිදුකල ඒකාබද්ධ ප්‍රකාශයට අනුව හමාස් නායකයින් මේ ප්‍රහාරය එල්ල කලේ හමාස් සංවිධානයේ ඉහලම නායකයින් එක්සත් ජනපද රජය විසින් ඉදිරිපත් කරන ලද ගාසා සටන් විරාම යෝජනාවක් පිළිබඳව සලකා බලමින් සිටි අතරතුර බව පවසා සිටියා.
හමුදා/ආරක්ෂක ඒජන්සිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ:
“ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය, හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයට ඉලක්ක කරගත් නිරවද්‍ය ප්‍රහාරයක් එල්ල කරන ලදි.”
“වසර ගණනාවක් තිස්සේ, හමාස් නායකත්වයේ මෙම සාමාජිකයින් ත්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයුම් මෙහෙයවා ඇති අතර, ඔවුන් කුරිරු ඔක්තෝබර් 7 වන දින සමූලඝාතනයට සෘජුවම වගකිව යුතු අතර, ඊශ්‍රායල රාජ්‍යයට එරෙහිව යුද්ධය මෙහෙයවීම හා කළමනාකරණය කර ඇත.”
“ප්‍රහාරයට අතිශය නිරවද්‍ය ලෙස ඉලක්කයටම යන මිසයිල යොදාගෙන ඉතා විශ්වාසවන්ද බුද්ධි තොරතුරු මත පදනම්ව සිදුකල අතර සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා සියලු පියවර ගෙන තිබුණා.”
“ඔක්තෝබර් 7 සමූලඝාතනයට වගකිව යුතු හමාස් ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය අධිෂ්ඨානශීලීව දිගටම ක්‍රියා කරනු ඇත.”
මෙම IDF/ISA ප්‍රකාශය ප්‍රහාර එල්ල කළ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් සපයා නැති අතර ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් නිකුත් කරන ලද වෙනම ප්‍රකාශයක් සඳහන් කළේ මෙහෙයුම ඊශ්‍රායල ගුවන් හමුදාව සිදුකල බවයි.
කෙසේ වෙතත් ඉශ්‍රාලය, මැදපෙරදිග විශාලම ඇමරිකානු ගුවන් හමුදා මූලස්ථානය වන Al Udeid Air Base තිබෙන කටාර් රාජ්‍යයට ප්‍රහාරය කෙලෙස සැලසුම් කලේද යන්න පිලිබඳව කිසිදු අනුමානයක් ගත හැකි තොරතුරක් ලබාදී නෑ. ඒ අනුව, ඊශ්‍රායලය ඉලක්කයට ප්‍රහාර එල්ල කළේ කෙසේද යන්න මේ වනවිටත් අභිරහසක් ව පවතිනවා.
විශේෂයෙන්ම, මේ ප්‍රහාරය ගැන ඇමරිකාව දැනුවත්ව සිටියාද, එය කොතරම් කලකට පෙර සිට දැන සිටියාද යන්න ගැනත් කිසිදු පැහැදිලි තොරතුරක් නෑ.
කටාර් පිහිටා ඇත්තේ පර්සියානු බොක්ක ආශ්‍රිතව බැවින්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට ඉතා දිගු දුර ප්‍රහාරක මෙහෙයුමක් සිදු කිරීමට සිදුවන අතර එවැනි මෙහෙයුමක් කල් තබා හඳුනා ගැනීමෙන් වළක්වා ගැනීම එතරම් පහසු නෑ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ගුවන් යානා වලින් දියත් කරන ලද දිගු දුර මිසයිල භාවිතයෙන් ප්‍රහාරය එල්ල කලාදැයි අනුමාන කරන්න පුලුවන්. එමෙන්ම, ඉලක්කයට ආසන්න මුහුදේ සිට හෝ ගොඩබිමෙන් ප්‍රහාරයක් දියත් කරන්නටත් ඊශ්‍රාලයට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරය ගුවන් ප්‍රහාරයක්ද, මුහුදු ප්‍රහාරයක්ද, ගොඩබිමේ සිට එල්ල කල එකක්දැයි තවමත් අවිනිෂ්චිතයි.
කෙසේ වෙතත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය, කටාර් ප්‍රහාරය ගුවන් යානා 15ක් යොදාගෙන සිදුකල එකක් බවට තහවුරු කිරීමක් සිදුකලා. කෙසේ වෙතත් මෙතරම් විශාල යානා ප්‍රමාණයක් සන්නද්ධ රේඩාර්වලින් දැඩි ලෙස ආවරණය වන මැදපෙරදිග අහසේ කිලෝමීටර් 2000ක් පමණ, කිසිවෙකුටත් හොර රහසේ කෙසේ පියාසර කලාදැයි තවමත් පැහැදිලි නෑ.
Comments
Post a Comment