Inside Zuckerberg's AI Playbook: Zuck Explains Why Meta is Offering Millions to Hire AI Talent

 

The $1.5 billion engineer: Meta’s latest hire shows how costly the AI talent race has become

Zuckerberg’s relentless pursuit of elite researchers is redrawing tech’s balance of power, with Thinking Machines’ Andrew Tulloch becoming the latest elite engineer to join Meta’s AI crusade.


ලෝකයේ හොඳම කෘත්‍රිම බුද්ධි පර්යේෂකයින් මෙටා වෙත බඳවා ගැනීම සඳහා සිදුකරන අති විශාල ගෙවීම්, පුද්ගලික සුපිරි බුද්ධිය (Personal Super Intelligence) ගොඩනැගීමට අපගේ සමස්ත උපායමාර්ගික කැපවීම තුළ සලකා බලන විට, මූලික වශයෙන් අවශ්‍ය සහ සාධාරණීකරණය කළ හැකි බව මාර්ක් සකර්බර්ග් පවසනවා. 

මෑතකදී සකර්බර්ග් සහභාගීවූ සාකච්ඡා කිහිපයකදීම ඔහු මේ පිලිබඳව පැහැදිලි කරනවා. 

ඉතාම තරඟකාරී දක්ෂතා වෙළඳපොළක (highly competitive talent market) තරඟ කරන්නට සිදුවීම 

 කෘත්‍රිම බුද්ධි දක්ෂයින් සඳහා වන වෙළඳපොළ තරඟය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. 'ලෝකයේ හොඳම දක්ෂයින්ම' වන පර්යේෂකයන්ගේ කුඩා කණ්ඩායමක් සිටින අතර, ගූගල්, ඕපන් ඒඅයි, මයික්‍රොසොෆ්ට්, ඇන්ත්‍රොපික්, පර්ප්ලෙක්සිටී වැනි ප්‍රමුඛ පෙලේ පර්යේෂණාගාර හරහා තුලින් ඔවුන්ට දැඩි ඉල්ලුමක් පවතිනවා. 

එබැවින්, තත්ත්වය නිසැකවම ඉතාම තරඟකාරීයි, ඒ නිසා අප දැඩි උත්සාහයකින් තරඟ කර, අපේ කණ්ඩායම ගොඩනැගීමට අවශ්‍ය හොඳම ඉන්ජිනේරුවන්, පර්යේෂකයින් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් කළ යුතුයි. නැතහොත් අපි පරාද වෙනවා. 

මහා පරිමාණ ප්‍රොසෙසර් ජාල (compute power clusters) සඳහා සිදුකරන ආයෝජනයට සාපේක්ෂව දක්ෂතා සඳහා වන පිරිවැය ඉතා කුඩායි 

Compute power ගොඩනැගීමට අප සිදුකරන අතිමහත් ආයෝජනය දෙස සමස්තයක් ලෙස බලන විට, මිනිසුන් බඳවා ගැනීම සඳහා වියදම් කරන මුදල, සමස්ත ආයෝජනයට සමස්ථ ආයෝජනයට වඩා ඉතාමත් අඩුයි. 

අප කම්පියුට් පවර් බිහිකර ගැනීම සඳහා ඩොලර් බිලියන සිය ගණනක් වියදම් කරමින් සහ ගිගාවොට් විශාල ගණනක අධිබල පරිගණක පොකුරු කිහිපයක් ගොඩනඟන බැවින්, එම විශාල යටිතල පහසුකම් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය දක්ෂයින් අප සතුකර ගැනීමට තරඟකාරී ලෙස ගෙවීම සම්පූර්ණයෙන්ම සාධාරණයි. 

සුපිරි බුද්ධිය (super intelligence) පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන සඳහා විශාල කණ්ඩායමක් අවශ්‍ය නොවීම 

 මෙය කිරීමට අපට විශාල කණ්ඩායමක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වෙනුවට, සම්පූර්ණ ව්‍යාපෘතියම ඔවුන්ගේ හිස තුළ රඳවා ගත හැකි කුඩාම පිරිස අපට අවශ්‍යය. මෙවැනි සුපිරි දක්ෂයින් සුලුපිරිසක එක් තැනකට ගොනුකර ගැනීමට නම්, ඉහලම මිල ගෙවීමට සිදුවෙනවා. 

පර්යේෂකයෙකුට ලැබෙන ගණනය කිරීමේ ධාරිතාව උපරිම කිරීම (Maximising compute power per researcher)

හොඳම පර්යේෂකයන්  පවසන්නේ "මට අඩුම පිරිසක් සහ වැඩිම GPU ප්‍රමාණයක් අවශ්‍යයි' කියායි."

ඒ අනුව, අප තේරුම් අරගෙන තිබෙනවා පර්යේෂකයෙකුට වැඩිම ගණනය කිරීමේ ධාරිතාව (most compute) ලබා දීම, හොඳම පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමට සහ ඉක්මණින් ව්‍යාපෘතියේ ප්‍රතිපල ලබාගැනීමට හැකි, උපායමාර්ගිකව වාසිදායක දෙයක් බව. ඒ අනුවයි අති විශාල පරිගණක මධ්‍යස්ථාන ගොඩනගමින්, ඒවායින් වැඩ ගැනීමට හොඳම පර්යේෂකයින් ඉහලම මිලක් ගෙවා ලබාගැනීම මෙටා සිදුකරන්නේ.

සුපිරි බුද්ධිය (superintelligence) ඉදිරි අවුරුදු 2 හෝ 3 ඇතුළත බිහිවනු වනු ඇතැයි අපේක්ෂාකරමින්, එය එලෙසම යයි සිතාගෙන සැලසුම් සකස් කිරීම

සුපිරි බුද්ධිය (superintelligence) ඉදිරි වසර 5 ඇතුළත සූදානම් වනු ඇතැයි අප විශ්වාස කරන අතර, මෙම අතිවිශාල ඉදිරි පිම්ම නිර්මාණය කරන ශක්තිමත්ම කණ්ඩායම ගොඩනැගීමට අවශ්‍ය පරිගණක සම්පත් (compute) සහ අනෙකුත් ඕනෑම දේ සඳහා මෙටා (Meta) ඩොලර් බිලියන සිය ගණනක් ආයෝජනය කරනු ඇත






Comments