Meta planning Android-style robotics software platform

 

ෆේස්බුක්හි මව් සමාගම වන මෙටා (Meta) විසින් රොබෝවරුන් සඳහා මෙහෙයුම්-පද්ධතියක් වැනි robotics platform  උපාය මාර්ගයක් නිවේදනය කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ රොබෝ යන්ත්‍රවල දෘඪාංග (hardware) නිපදවීමට වඩා, තෙවන පාර්ශ්ව නිෂ්පාදකයන්ට (third-party manufacturers)  ඔවුන්ගේ මානව රොබෝ යන්ත්‍රවලට (humanoid robots) බලය සැපයිය හැකි, ඇන්ඩ්‍රොයිඩ් (Android) ආකාරයේ මෘදුකාංග පද්ධතියක් (software system) නිර්මාණය කිරීමයි. මෙම මෘදුකාංග යම් ආකාරයක බලපත්‍ර ක්‍රමයකට (licensing) ලබාදීමට මෙටා අදහස් කරනවා.

මෙටා හි රියැලිටි ලැබ්ස් (Reality Labs) අංශය, ඔවුන්ගේම "මෙටාබොට්" (Metabot) රොබෝ යන්ත්‍රයේ මූලික නිර්මාණ කටයුතු (prototyping) කරමින් සිටින අතර, මෙටාබොට් වැනි රොබෝවරුන් සඳහා සංකීර්ණ හැසිරවීමේ කාර්යයන් (complex manipulation tasks) ලබාදීමට හැකි දියුණු AI මෘදුකාංග (advanced AI software) සංවර්ධනය කරමින් සිටිනවා.

මෙටා (Meta) විසින් නව සුපිරි බුද්ධි විද්‍යාගාර කණ්ඩායමක් (new Superintelligence Labs team) ඇතුළුව AI technology සඳහා විශාල ආයෝජන සිදු කර ඇති අතර, රොබෝ විද්‍යා බුද්ධිය (robotics intelligence) සඳහා ප්‍රධාන මෙහෙයුම් පද්ධති හෝ මෙහෙයුම් ප්ලැට්ෆෝම් සැපයුම්කරු (backbone provider) බවට මෙටා පත්කර ගැනීමේ උපායමාර්ගයකින් ක්‍රියාත්මක වෙනවා.

මානව රොබෝ විද්‍යා කර්මාන්තයේ (humanoid robotics industry) ආධිපත්‍යය දරන සමාගම් බවට පත්වීම සඳහා ටෙස්ලා (Tesla), ඇපල් (Apple), සහ ගූගල් (Google) විසින් අනුගමනය කරනු ලබන සමාන උපාය මාර්ග සමඟ මෙටා සමාගමේ සැලැස්ම ද ගැලපෙන අතර ඒ අනුව ඉදිරි කාලයේදී ගෝලීය මානවරූපී රොබෝ අලෙවිය වේගයෙන් වර්ධනය වීමේ විභවයක් ඇති බව විශ්ලේෂකයින් පවසනවා.

මෙම AI රොබෝ තරඟය ජයග්‍රහණය කිරීමේ නිර්ණායක වාසිය (decisive advantage) ලෙස මෘදුකාංග බලපත්‍ර ලබා දීමේ (software licensing) මෙම උපාය මාර්ගය සඳහා මෙටා (Meta) විසින් ඉංජිනේරුවන් 100 ක් සහ ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර තිබෙනවා.

Comments