xAI කෘත්‍රිම බුද්ධි (AI) සමාගම "ග්‍රෝකිපීඩියා" (Grokipedia) නමින්, AI-බලයෙන් ක්‍රියාත්මක වන විශ්වකෝෂයක් (AI-powered encyclopedia) සංවර්ධනය කරමින් සිටින බව එලෝන් මස්ක් පවසනවා. මෙය විකිපීඩියා විශ්වකෝෂය අභියෝග කිරීමට අදහස් කරන අතර මෙයට මූලික හේතුව ලෙස විකිපීඩියාවේ යම් යම් වාරණය කිරීම් බවටයි එලෝන් පවසන්නේ.
ග්‍රෝකිපීඩියා (Grokipedia) විකිපීඩියාවට වඩා විශාල වැඩිදියුණු හා ඉතා ඉක්මණින් යාවත්කාලීන වෙන, ස්වයංක්‍රීයව වැරදි නිවැරදි කරමින් අලුත්වෙන නවතම විශ්වකෝෂයක් වීමට ඉලක්ක කරයි. එය මස්ක්ගේ අදහසට අනුව, විශ්වය තේරුම් ගැනීමේ xAI හි ඉලක්කය කරා යන තීරණාත්මක පියවරක්.
ධවල මන්දිරයේ ක්‍රිප්ටෝ ප්‍රධානියා වන ඩේවිඩ් සැක්ස් (David Sacks) විසින් විකිපීඩියාව "ප්‍රයෝජනයකට ගත නොහැකි තරම් නොහැකි තරම් පක්ෂග්‍රාහී" (hopelessly biased) සහ වාම-වාදී ක්‍රියාකාරීන් (left-wing activists) විසින් පාලනය කරනු ලබන බවට කරන ලද විවේචනයට ප්‍රතිචාරයක් ලෙස මස්ක් ග්‍රොකිපීඩියාව පිලිබඳ අදහස නිර්මාණය කර තිබෙනවා.
විශේෂයෙන්ම මස්ක්, ට්‍රම්ප්, ඩේවිඩ් සැක්ස් ඇතුලු දක්ෂිණාංශික -Make America Great Again (MAGA)- කණ්ඩායම හා ඔවුන්ගේ සාම්ප්‍රදායික අදහස් වාමවාදී-නිදහස් මතධාරීන් (leftwing liberal) දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර හැකි සෑමවිටම වාරණය කිරීමට උත්සහ කරනවා.
ඩේවිඩ් සැක්ස් ගොඩ නගන තර්කය අනුව විකිපීඩියාවේ පක්ෂග්‍රාහීත්වය AI ආකෘති පුහුණු කිරීමට ද බලපාන බවත්, එමඟින් අන්තර්ජාලයේ ඇති තොරතුරු කෙරෙහි විකිපීඩියාවේ වාර්ණ මගින් කරන බලපෑම තව තවත් වැඩි කරන බවත්ය.
විකිපීඩියාවේ සම-නිර්මාතෘවරයෙකු වන ලැරී සැංගර් (Larry Sanger) ද මෙම කරුණු ප්‍රතිරාවය කරමින්, විකිපීඩියාව මධ්‍යස්ථභාවය අත්හැර දමා ඇති බවටත්, දෘෂ්ටිවාදී පක්ෂග්‍රාහීත්වයට ඉඩ දී ඇති බවටත් චෝදනා කර තිබෙනවා.
ග්‍රෝකිපීඩියා (Grokipedia) විසින් xAI හි ග්‍රොක් AI ආකෘති (Grok AI models) යොදා ගනිමින්, පක්ෂග්‍රාහී හෝ වැරදි තොරතුරු ස්වයංක්‍රීයව හඳුනාගෙන, කෘත්‍රිම නිවැරදි කිරීම් (synthetic corrections) භාවිතයෙන් ඒවා නැවත ලිවීමට කටයුතු කරනු ඇත.
මෙම පද්ධතිය විසින් විකිපීඩියා, පොත්පත්, සහ වෙනත් ඔන්ලයින් මූලාශ්‍ර යොදා ගනිමින්, ප්‍රධාන කරුණු සහ ආඛ්‍යානවල (key facts and narratives) වඩාත් වෛෂයික අනුවාද (more objective versions) ජනනය කරනු ඇත.
Grok 4 Fast වැනි xAI හි මෑතකාලීන search performance) තරඟකරුවන්ට වඩා වේගවත් වීම මගින් මෙම තාක්ෂණය සඳහා හැකියාව ලැබී ඇත.
Comments
Post a Comment