BUSINESS: CIA not sure whether Alice Huang is a Chinese Spy | ඇලිස් හුවැංග් චීන ඔත්තුකාරියක් බව නිස්චිතව කියන්න බෑ - සී.අයි.ඒ
ඇලිස් හුවාන්ග් (Alice Huang) චීන ඔත්තුකාරියක් ලෙස ක්‍රියා කළ බවට පැහැදිලි සහ ඒත්තු ගැන්විය හැකි සාක්ෂි තිබේද යන්න පිළිබඳව මේ වන විට පවතින තොරතුරු අනුව, ඇමරිකානු බුද්ධි අංශ සහ අධිකරණ බලධාරීන් අතර පවා පැහැදිලි එකඟතාවක් නොමැති බව මේවන විට තහවුරුවී තිබෙන බව CNN ප්රවෘත්ති සේවය නිවේදනය කරනවා.
2026 නොවැම්බර් මාසයේදී නිකුත් වූ නවතම වාර්තා පෙන්වා දෙන්නේ, වසරකට අධික කාලයක් පුරා සිදු කළ විමර්ශන සහ නිරීක්ෂණවලින් පසුව පවා, ඇය චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට නිශ්චිත නිගමනයකට එළඹීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට (DOJ) හෝ මධ්‍යම බුද්ධි ඒජන්සියට (CIA) මෙතෙක් හැකි වී නොමැති බවයි.
එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ දෙපාර්තමේන්තුව හෝ FBI ආයතනය ඇය සම්බන්ධයෙන් කිසිදු අවසන් නිගමනයකට පැමිණ නොමැති බවයි.
එමෙන්ම, CIA ආයතනයේ ඇතැම් නිලධාරීන් ද මෙම චෝදනා "සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන සහ අතිශයෝක්තියට නංවන ලද" ඒවා ලෙස හඳුන්වා දී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවති රහස්‍ය බුද්ධි අංශ දැනුවත් කිරීමකින් අනතුරුව අදහස් දැක්වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩල බුද්ධි කමිටුවේ ප්‍රමුඛතම ඩිමොක්රටික් සාමාජික ජිම් හයිම්ස් (Jim Himes) ද පවසා ඇත්තේ, චීන රජය සමඟ ඇයට පවතින සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව තමා තවමත් නිශ්චිතව නොදන්නා බවයි.
කෙසේ වෙතත්, ඇය ඔත්තුකාරියක් බවට සෘජු සාක්ෂි නොමැති වුවද, ඇය එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට අණතුරුදායක ලෙස තහනම් එන්විඩියා චිප් ඇමරිකාවෙන් චීනය වෙත යැවීමේ ජාලයක ප්‍රධාන ක්‍රියාකාරිණියක බව ඇතැම් ඇමරිකන් බුද්ධි නිළධාරීන් තර්ක කරනවා.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇය සිංගප්පූරුවේ පිහිටි මෙගාස්පීඩ් (Megaspeed) නම් දත්ත මධ්‍යස්ථාන සමාගමේ ප්‍රධානියෙකු ලෙස කටයුතු අතරතුර, එන්වීඩියා (Nvidia) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන්ග් (Jensen Huang) සමඟ පැවති සමීප සබඳතාව හරහා ඩොලර් බිලියන 4.5ක අති නවීන nVidia AI Processors ලබාගෙන ඇති බවත්, ඒවා මගින් අලිබාබා සමාගම සතුව සිංගප්පූරුවේ, මැලේසියාවේ හා වියට්නාමයේ ඇති AI Data Centers බලගැන්වෙන බවටත් දැඩි සැකයක් මතුව තිබීමයි.
එමෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ AI Policy උපදේශකයෙකු වන ජෙන්සන් හුවැන්ග්, චීනයට ඇමරිකානු අති නවීන ඇමරිකානු චිප් විකිණීමට අවසරදිය යුතු බවට දැඩි ලෙස මත පලකරමින්, ඇමරිකානු වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතුකලේ ඇයගේ බලපෑමෙන් බවටද දැඩි සැකයක් බුද්ධි අංශ මෙන්ම ඇතැම් රාජ්‍යතාන්ත්‍රික අංශවලටද තිබෙනවා.

Comments
Post a Comment