- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
ඔබ උදේ දත්මදින අතරේ weather reports, facebook updates, news headlines ගෙන එන Samsung Smartmirror මුහුණබලන කණ්නාඩිය
- Get link
- X
- Other Apps
දර්පණයක් ඉදිරියෙන් පාර්දෘෂ්‍ය OLED SmartTV රූපවාහිණී තිරයක් තබා නිර්මාණය කොට ඇති මෙම ස්මාර්ට් මුහුණ බලන කණ්නාඩිය නාන කාමරයේදී පවා ඔබව අන්තර්ජාලය හා සම්බන්ධකොට තබනු ඇති.
ඊට අමතරව කාන්තාවන් සඳහා රූපලාවන්‍ය උපදෙස්, ඇඳුමට ගැලපෙන ආභරණ පිලිබඳ උපදෙස්, කොණ්ඩා මෝස්තර පිලිබඳව උපදෙස් යනාදිය ලබාදීමට මෙන්ම ඒවා නිවසේ කණ්ඩාඩියෙන් මුහුණ බලන අතරේම අන්තර්ජාල සාප්පුවකින් මිළදී ගැනීමටද හැකිවන ලෙස නිර්මාණය කරමින් පවතින බව සැම්සුන්ග් සමාගම පවසනවා
Intel සමාගමේ Real Sense Technology තාක්ශණය අඩංගුකොට ඇති මෙම දර්පණයහි ඇති කැමරා මගින් මුහුණ බලන්නාගේ මුහුණේ ඉරියව්, හැඳ සිටින ඇඳුම, පැළඳගෙන තිබෙන ආභරණ ආදිය හඳුනාගෙන ඒ අනුව රූපලාවන්‍ය හා මෝස්තර උපදෙස් ලබාදීමට මෙම ස්මාර්ට් දර්පණයට පුලුවන්.
සැම්සුන්ග් සමාගම පවසන ආකාරයට මෙම තාක්ශණය නුදුරේදීම මිළ අධික ඇඳුම් සාප්පු, ස්වර්ණාභරණ හා කාන්තා විලාසිතා හා රූපලාවන්‍ය විකුණන සාප්පු වල ගැනුම් කරුවන්ට උපදේශණ සේවා ලබාදීම සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වනවා. ඒ සඳහා කොරියාව, හොං කොං වැනි රටවල තිබෙන කවදත් පාරිභෝගිකයින්ට අලුත් දෙයක් ඉදිරිපත් කිරීමට වෙහෙසෙන සුපිරි සාප්පු සංකීර්ණ දැනටමත් සූදානමින් සිටින බව පැවසෙනවා.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment