ලොව වැඩිම ධාරිතාවේ 256GB, 100MB/Sec මෙමරි කාඩ්පත සැන්ඩිස්ක් සමාගම හඳුන්වාදෙයි


සැන්ඩිස්ක් සමාගම මෑතකදී (2016, ජූනි 30) හඳුන්වාදුන් 256GB SanDisk Extreme microSDXC UHS-I memory card ලොව වැඩිම ධාරිතාවයෙන් යුතු, වේගවත්ම මෙමරි කාඩ්පත ලෙස කිරුළ දිනාගෙන තිබෙනවා. මීට පෙර සැම්සුන්ග් සමාගම 256GB මයික්‍රෝ එස්.ඩී කාඩ්පතක් හඳුන්වාදුන්නද එයට වඩා දත්ත හුවමාරු වේගයකින් ක්‍රියාත්මක වීමට සැන්ඩිස්ක් සමාගමේ මෙමරි කාඩ්පතට හැකියාව තිබෙනවා. 

මෙම කාඩ්පතේ 256GB ධාරිතාවය අනුව පැය 24ක 1080p HD වීඩියෝ හෝ පැය 14ක 4K වීඩියෝ ගබඩාකරගත හැකියි.

තත්පරයකට මෙගාබයිට 90වක වේගයෙන් දත්ත ගබඩා කරගැනීමේ හැකියාවද, තත්පරයකට මෙගාබයිට 100ක දත්ත ලබාදීමේ (කියවීමේ) හැකියාවද මෙම කාඩ්පත සතුයි. විශේෂයෙන්ම අතිවිශාල ගොනු නිර්මාණය වන 4K වීඩියෝ හා අංශක 360 වීඩියෝ ගබඩාකිරීමේදී මෙම සුපිරි වේගයත්, විශාල ධාරිතාවයක් යන දෙකම වැදගත් වනවා.

HD වීඩියෝ ඩ්‍රෝන, HD ඇක්ශන් කැමරා හා 4K වීඩියෝ කැමරා භාවිතා කරන්නන් සඳහාම නිමැවුනු මෙම මෙමරි කාඩ්පත් waterproof, temperature-proof, shock proof,  X-ray proof යන ආරක්ශණ උපක්‍රම වලින්ද යුතුවන නිසා ගබඩාවන දත්තවල ආරක්ශාව සහතික වනවා.









__________________________________________________________________________
Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT    : terence.arachchi@gmail.com .
GOOGLE +   : About Me  .
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments