කුමන ජාතික උද්‍යානය කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්‍යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.
කුඹුක්කන් ඔය උද්‍යානයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ. කලපු මීටර් 2 (අඩි 6.6)පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30(ෆැරන්හයිට් අංශක 81.14) පමණ සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.
උද්‍යානයේ වගුරු බිම් නිවර්තන කලාපීය වන ලැහැබ වලින් ආව්‍රැත වී ඇත.කාශ්ඨි ශාක එනම් Manilkara hexandra ( "පලු"), Hemicyclea sepieria, Bauhinia racemosa, Cassia fistula ("ඇහැළ"), Chloroxylon swietenia ("බුරුත"),සහ Salvadora persica වැනි ශාක වර්ග වලින් ඝහනය.කුමන විල්ලුවේ ආක්‍රමණික ලැහැබ Typha angustifolia වන අතර ආක්‍රමණික ශාඛය වන්නෙ Sonneratia caseolaris. කුඹුක්කන් ඔය දිගේ ඇති ඉවුර ආක්‍රමණය කර ගෙන ඇත්තේ Terminalia arjuna ශාඛයයි. Ludwigia spp., Nelumbo nucifera , Nymphaea pubescens, Aponogeton spp. සහ Neptunia oleracea[11].වගුරු බිමේ සුලභව පවතින වර්නවත් ජලජ ශාඛ වේ.
කුමන ජාතිකඋද්‍යානය ඇතුලත්වම පිහිටන පරිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප‍්රකාශයට පත් කරන ලදී. ශ‍්රී ලංකාවී ප‍්රධානතම වාස භූමියක් සහ අභිජනන ප‍්රදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්‍යානයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප‍්රදේශයට සංක‍්රමණය වේ.
කුමනේදී දැකිය හැකි ඉතා දුර්ලභ පක්ෂීන්
කුමනේදී දැකිය හැකි ඉතා දුර්ලභ පක්ෂීන්
දුර්ලබ විශේෂයන් වන Black-necked Stork (අලි-මානාවා), Lesser Adjutant (හීන් බහුරු මානාවා), Eurasian Spoonbill (යුරාසියා හැඳිඅලවා) සහ Great Thick-knee (මහ ගොළුකිරළා) යන පක්ෂීන් කුමනේදී දැකගත හැකිය. උද්‍යානයට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් අතර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් වර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.
තිලාපියා සහ ගල් මාලු නිතරදැකිය හැකි මත්ස්යයන් අතර වේ.උද්‍යානයේ වාසය කරන උරගයන් අතර කිඹුලන් සහ කැස්බෑවන් නිතර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.
![]() |
අලි-මානාවා -Black-necked Stork |
හීන් බහුරු මානාවා - Lesser Adjutant |
යුරාසියා හැඳිඅලවා - Eurasian Spoonbill |
මහ ගොළුකිරළා Great Thick Knee / Stone Curlew |
Kumana Trip Report | by Rochana Uyanage - www.facebook.com/trekwings
අපි ඔන්න ගියා තවත් ලංකාවෙ අභය භූමියක් බලන්න. මේ පාර නම් ටිකක් දුරයි. කුමන ජාතික උද්‍යානය. අයිති වෙන්නෙ අම්පාර දිස්ත්‍රික්කයට අපි ගියෙ ගාල්ලෙ ඉදන්
ආසන්න වශයෙන්කි ලොමීටර් 350ක් වගෙ තියෙනවා. පුද්ගලික වාහනයක් ගියෙ ! අපිට තෙල් ගියා රු 6500ක වගේ ගිහින් එන්නම.
ගමන් මාර්ගය වුනෙ
ගාල්ල > මාතර > හම්බන්තොට > වීරවිල >තනමල්විල > වැල්ලවාය >බුත්තල >මොණරාගල > සියඹලාන්ඩුව >ලාහුගල > පොතුවිල් > අරුගම්බේ > පානම
ලාහුගල හරියෙ පාරට අලි එනවා එක නිසා කල්පනාවෙන් අපිට නම් සෙට් උනෙ නැ අපි ලාහුගල පහු කරනකොට රැ 12ත් පැනලා. පානම ඉදං යන්න වෙන්නෙ සෆාරි ජීප් එකක..
රු.6000ක් වගේ ගානක් ගන්නවා ජීප් එකට. උදෙ 5.30 වෙනකොට පිටත් වෙනවා පානමින්. 4WD ජිප් එකක් නම් හොදයි. දැන් ඔක්කොම මහෙන්ඩ්‍රා අරගෙන වැලි වැඩි උනත් හිර වෙනවා. කැලෙට යනකොට මොනවා හරි කන්න අරන් යන්න . එ හරියෙ පොඩි කඩ තියෙනවා එ උනාට උදෙ පාන්දරම ඇරලා නෑ. එක නිසා කලින් ගන්න.
කවුරු හරි බස් එකක යන්න හිතන් ඉන්නවා නම් කොළඹින් හවස 7ට පානම CTB බස් එකක් තියෙනවා. එකෙ එන එක ලෙසියි, එක බස් එකයි නැතිනම් අම්බලන්ගොඩින් අම්පාර බස් එක තියෙනාවා හවස 6 ට ඒකෙ ඇවිත් මඟින් බැහලා එන්න වෙන්නෙ
Kumana Trip Photos : Photo Credit - Rochana Uyanage @ Trekwings
![]() |
ගල් අමුන කියන කැම්ප් සයිට් එක |
![]() |
මුහුදු මහා විහාරය |
__________________________________________________________________________

Comments
Post a Comment