ට්‍රම්පච්චිගෙ චන්දෙ ගැන අපේ ඇත්තන්ගේ උණ.

ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉහළ උනන්දුව ශ්‍රී ලංකාවෙන්! ගූගල් කියයි



අද පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපදය වෙත 45 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අන්තර්ජාල සෙවුම්වලදී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ උන්නදුවක් වාර්තා වී තිබේ.

එනම්, පසුගිය සතිය තුළ ගූගල් සෙවුම් යන්ත්‍රයේ ඇමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් සිදුකළ සෙවුම්වලදී ශ්‍රී ලංකාව 24% ක උනන්දුවක් පෙන්වමින්, දකුණු ආසියානු කලාපයේ මෙම මැතිවරණය සම්බන්ධයෙන් ඉහළම උනන්දුවක් දක්වන රට බවට පත්ව තිබේ.

එහිදී, දකුණු ආසියානු කලාපයේ අප අසල්වාසී ඉන්දියාව පෙන්වා ඇත්තේ 18% ක උනන්දුවකි. එමෙන්ම පාකිස්තානය 10% ක උනන්දුවකි පෙන්වා ඇති අතර, ආසියානු කලාපයෙන්ම තායිවානය පමණක් 33% ක ඉහළ උනන්දුවක් පෙන්වා තිබේ. අනෙක් බොහෝ ආසියානු රටවල් ශ්‍රී ලංකාව දක්වා ඇති උනන්දුවට පහළ අගයක් වාර්තා කර තිබේ.

මේ අතර, ඇමෙරිකාවෙන් පරිභාහරිව එරට මැතිවරණය සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වා ඇති රට බවට කැනඩාව පත්ව සිටී. ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් කැනඩා ජනතාවගේ අන්තර්ජාල සෙවුම්වල පවතින උනන්දුව 100% කි. මීට අමතරව, ඝානාව 96% ක උනන්දුවක්, උගන්ඩාව 88% ක උනන්දුවක්, නයිජීරියාව 80% ක උනන්දුවක්, නවසීලන්තය 79% ක උනන්දුවක්, අයර්නල්තය 77% ක උනන්දුවක් ආදී වශයෙන් පෙන්වා ඇති බව ගූගල් දත්ත පෙන්නුම් කරයි.


__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments