2005 අගෝස්තුවේ නාසා ඒජන්සිය අඟහරුවා වෙත යවනු ලැබූ Mars Reconnaissance Orbiter යානය මේ වනවිට, සිය High Resolution Imaging Science Experiment (HiRISE) කැමරාවෙන් අධිවිබේධන ඡායාරූප 50,000ක් පමණ ලබාගෙන පෘථිවිය වෙත එවා තිබෙනවා.
නාසා ආයතනය මගින් මහජනතාව වෙත නිකුත්කල මෙම ඡායරූප ආධාරයෙන් පින්ලන්ත ජාතික සිනමාකරුවෙකු වන Jan Fröjdman අඟහරුවා මතින් පියාසර කරන යානයක සිටින්නෙකුට පෙනෙන ආකාරයට වීඩියෝවක් නිර්මාණය කොට තිබෙනවා. මාර්ස් ෆ්ලයි ඕවර් ලෙස හඳුන්වා ඇති මෙම වීඩියෝව නරඹන්නෙකුට, අඟහරුවාට ඉහලින් පියාඅසර කරන්නෙකුට එම ග්‍රහලෝකය කෙසේ දිස්වෙන්නේදැයි සිතා ගත හැකියි.
මීට පෙර පරිගණක ග්‍රැෆික් තාක්ෂණය හා සජීවීකරණ තාක්ෂණය යොදාගෙන මෙවැනි වීඩියෝ නිර්මාණය වී ඇති නමුත් මෙම වීඩියෝවේ ඇති විශේෂත්වය මෙය අඟහරුවාගෙන් ලැබුණු සැබෑ ඡායාරූප පමණක් යොදාගෙන නිර්මාණය කොට තිබීමයි.
Leave a Comment using Facebook Comments Plugin | ඔබගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රතිචාරයක් තබා යන්න
__________________________________________________________________________

Comments
Post a Comment