තෙවුනිස් බෝතා දකුණු අප්රිකාවේ ට්රැකර්වරයෙක් හා විශාල සතුන් දඩයක්කරුවෙක්. ඔහුගේ රැකියාව වුනේ විනෝදයට දඩයම් කරන්නන් එක්ක දඩයම් සෆාරි එක්කන් යන එක.
බෝතා දකුණු අප්රිකානු වැසියෙක් වුනාට දඩයම් කලේ නීතියක් නැති සිම්බාබ්වේ රටේ.
බෝතාගේ අන්තිම දඩයම වැරදිලා බව ආරංචි වෙනවා. වෙනදා වගේම සිම්බාබ්වේ ග්වායි ප්රදේශයට දඩයක්කරුවන් පිරිසක් අරගෙන ගිය බෝතා ඇතුලු පිරිසට කුඩා පැටවුන් ඉන්න අප්රිකානු අලි රංචුවක් හමුවෙලා.
පිරිස වෙඩි තබනකොට වියරු වැටුනු විශාල ඇතෙක් පිරිස දිහාට දුවගෙන ඇවිල්ලා බෝතාව හොඬවැලෙන් අරගෙන තියෙනවා. බෝතාගේ දඩයම් සගයින් අලියට වෙඩි තියලා. වෙඩිලාපු අලියා ඇදෙගෙන වැටෙනකොට ඊට යටවුනු බෝතා තැලී මිය ගිහින්.
වෙඩි වදින සතුන්ට දැනෙන මරණ බය, ඉවසිය නොහැකි වේදනාව බෝතාටත් දැනෙන්න ඇති.
__________________________________________________________________________

Comments
Post a Comment