පස් නැතුව එළවලු වවන හයිඩ්‍රොෆොනික් තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි. 1980 ගණන්වල ඉඳලා භාවිතාවන තාක්ෂණයක්. හයිඩ්‍රෝෆොනික් තාක්ෂණයේදී පැලෑටිවලට පෝෂණය දෙන පෝෂක දාවණයක් තුල මුල් ඇදීමක් සිදුවනවා. පැලෑටිය යම් ආධාරකයක් මත කෙලින් සිටවනවා. හයිඩ්‍රෝෆොනික් තාක්ෂණයේ ඇති ප්‍රධාන අවාසිය වන්නේ මුල්වලට ඔක්සිජන් අඩුවීම නිසා ඒවා කුණුවීමට පටන් ගැනීමයි. මේ නිසා වියදම් අධික පොම්ප ක්‍රමායක් මගින් ද්‍රාවණය ඉවත් කරලා මුල්වලට වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න ඕනෑ.
![]() |
Aerophonic තාක්ෂණය |
මේ ප්‍රශ්ණයට අපූරු විසඳුමක් ඇමරිකාවේ ඒරෝෆාම්ස් ආයතනය සොයාගෙන. ඔවුන්ගේ ඒරෝෆොනික් තාක්ෂණයට අනුව පැලෑටිවල මුල් පෝෂක දාවණයක ගිල්වා තබනවා වෙනුවට ඒවා මතට විටින් විට පෝෂක ද්‍රාවණය ස්ප්‍රේ කරනවා. ඒ අනුව මුල්වලට වාතාශ්‍රය නොලැබී කුණුවීමේ ගැටලුව විසඳෙනවා පමණක් නොව භාවිතාවල ජල ප්‍රමාණය වගේම මහාපරිමාණයෙන් හයිඩ්‍රෝෆොනික් වගාකරනකොට පොම්ප දිවවීම සඳහා ඕනෑ බලශක්තියත් අඩු වෙනවා.
මේ ක්‍රමය යටතේ තට්ටු වශයෙන් පැලෑටි වවන තටාක අසුරලා තියන්න පුලුවන්. සූර්යාලෝකය වෙනුවට පැලෑටි වල ක්ලෝරෝෆිල් භාවිතා කරන රතු හා නිල් ආලෝකය පමණක් විහිදුවන, බළශක්තිය සුරකින LED බල්බවලින් ආලෝකමත් කරනවා.
__________________________________________________________________________

Comments
Post a Comment