උතුරු කොරියානු ඔත්තු සේවය වන Reconnaissance General Bureau (RGB) මගින් මෙහෙයවන Unit 180 ලෙසින් හැඳින්වෙන සයිබර් ප්‍රහාර ඒකකයක් පිලිබඳව බටහිර ඔත්තු සේවාවලට වාර්තා වී තිබෙනවා. උතුරු කොරියාවේ දක්ෂ පරිගණක විද්‍යාඥයින් හැකර් වරුන් ලෙස පුහුණු කරවා විදෙස් රටවලට යවන අතර ඔවුන් එම රටවල සිටිමින් රහසිගතව ප්‍රහාර දියත් කරනවා.
WannaCry ප්‍රහාරය මෙන්ම පසුගිය වසරේ බංග්ලාදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 81ක් සොරාගත් ලාසරස් ලෙස හඳුන්වාගත් කණ්ඩායමක් සිදුකල සයිබර් බැංකු කොල්ලයද සිදුකරන්නට ඇත්තේ උතුරු කොරියාවේ Unit 180 කණ්ඩායම් විසින් බවට දැන් සැක මතුවී තිබෙනවා.
උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පැන ආ පරිගණක විද්‍යාඥයෙකු වන Kim Heung-kwang පවසන අන්දමට, Unit 180 ඒකකය හැකර් කණ්ඩායම් උතුරු කොරියාවට සම්බන්ධ විදෙස් සමාගම් වල රැකියා සඳහා යයි කියමින්, චීනය, මැලේසියාව, වියට්නාමය වැනි රටවලට යවා එම රටවල සිට ප්‍රහාර දියත් කරනවා. 2004 සෝනි චිත්‍රපට සමාගමට එල්ලවූ හැකර් ප්‍රහාරයත් මොවුන් මෙහෙයවන ලද බවට සැක මතුවී තිබෙනවා.
පසුගිය වසරේ පමණක් උතුරු කොරියානු හැකර්වරුන් දකුණු කොරියානු සමාගම් හා රජයේ ආයතන 160ක පරිගණක 160,000කට පමණ සොරෙන් ඇතුලුවී දත්ත සොරාගැනීම්, වෛරස් ඇතුලු කිරීම් සිදුකොට ඇති බව වාර්තා වනවා. එමෙන්ම 2014දී දකුණු කොරියානු න්‍යෂ්ඨික බලාගාරයකටද සයිබර් ප්‍රහාරයක් ප්‍රහාර එල්ලකොට තිබෙනවා.
_________________________________________________________________________

Comments
Post a Comment