ස්මාර්ට්ෆෝන් තාක්ෂණ ලෝකයේ අලුත්ම ආරවුල ඇපල් සමාගමත්, ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසෙසරය හා වෙනත් ස්මාර්ට්ෆෝන් පරිපථ නිර්මාණය කරන ක්වල්කොම් සමාගමත් අතර ඇතිවෙලා තියෙනවා.
මේ ආරවුලට මුල්වෙලා තියෙන්නේ ක්වල්කොම් සමාගම සිය ක්ෂුද්‍ර-පරිපථ (micro-processors) යොදා නොගන්නා ඇපල් අයිෆෝන් වලටත්, ඒවායේ අඩංගු අධිවේගී දත්ත සම්ප්‍රේෂණ තාක්ෂණයන් තමන්ට අයිතියි කියලා ඒ සඳහා හිමිකාරභාග ඉල්ලීමෙන්.
මෙයට විරුද්ධ ඇපල් සමාගම කියන්නේ ක්වල්කොම් සමාගම ඔවුන්ගේ තාක්ෂණික නිෂ්පාදන භාවිතා නොකරන ඇපල් අයිෆෝන් මාදිලිවල ඔවුන්ගේ තාක්ෂණය භාවිත කරනවා යයි පවසමින් හිමිකාරභාග ඉල්ලීම දැඩි ලෙස අසාධාරන බවත්, එය බුද්ධිමය දේපොල නීතී වැරදිලෙස අර්ථකථනය මගින් අනිසි වාසි ලබාගැනීමක් කියලයි.
දැන් මේ ආරවුල දුරදිග ගිහිල්ලා ක්වල්කොම් සමාගමට ගෙවන සියලුම හිමිකාරභාග ගෙවීම් නවත්වන්නට ඇපල් සමාගම තීරණය කරලා. ඇපල් සමාගම කියන්නේ වැරදි ආකාරයට තමන්ගෙන් හිමිකාරභාග අයකරගත් ක්වල්කොම් තමන්ට ඩොලර් බිලියනයක් ආපසු ගෙවිය යුතු බවත්, එ බැවින් තමන්ට ක්වල්කොම් සමාගමට අලුතින් ගෙවන්නට දෙයක් නැති බවත්.
මේ අතර ක්වල්කොම් සමාගම කියන්නේ හිමිකාරභාග නිසිලෙස ගෙවන්නේ නැතිනම් තමන් ඇමරිකාවේ අයිෆෝන් අලෙවිය තහනම් කරන්න කියලා උසාවි නියෝගයක් ගන්නවා කියලයි.
අයිෆෝන් 8 (10වැනි සංවස්තර අයිෆෝනය) ඉදිරිපත් කිරීමට මාස කිහිපයක් පමණක් තියෙද්දී මෙවැනි දෙයක් සිදුවුනොත් එහි අවාසිය ඇපල් සමාගමටත්, වාසිය සැම්සුන්ග් සමාගමටත් ලැබෙනවා. සැම්සුන්ග් ක්වල්කොම් සමාගමේ ලොකු ගණුදෙනු කරුවෙකු නිසා එයාලටත් වාසියි.
__________________________________________________________________________

Comments
Post a Comment