චීනයේ ජෛව-තාක්ෂණ ඉන්ජිනේරුවෙකු වන යැන්ග් ඩයිචැන්ග්, ජාන වෙනස්කරන ලද සහල් වර්ගයකින් මිනිස් රුධිර ප්ලස්මා නිෂ්පාදනය කල හැකි විප්ලවීය සොයාගැනීම සිදුකර තිබෙනවා.
මිනිස් ජාන බද්ධකරන ලද සහල් විශේෂයක් මගින් 99.999 පිරිසිදු ඇල්බියුමින් නැමති මිනිස් ප්ලස්මාවේ ප්‍රධාන සංඝටකය නිස්සාරණය කරගැනීමේ පර්යේෂණ අතිශය සාර්ථක වී ඇති අතර චීන ඔෂධ පාලන සභාව මෙම සහල් ඇල්බියුමින් සායනික පර්යේෂණවලට, එනම් රෝගීන්ට ලබාදී ප්‍රථිපල නිරීක්ෂණය කිරීමේ පර්යේෂණ වලට අවසර දී තිබෙනවා.
Wuhan Healthgen Biotechnology Corp නම් චීන ජෛවතාක්ෂණ සමාගමක් මෙම පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 29ක් ආයෝජනය කොට තිබෙනවා.
මිනිස් ඇල්බියුමින් ලබා ගන්නේ ලේ දන් දෙන්නන්ගේ රුධිරයෙන් වන අතර ඒවා පෙරා ඇල්බියුමින් වෙන් කර ගැනීමටත්, එම ඇල්බියුමින් වල ඒඩ්ස් වෛරස, හෙපටයිටිස් වෛරස ආදී රෝග කාරක නොමැති බවට 100% තහවුරු කරගැනීම සඳහාත් විශාල මුදලක් වැය වන අතර ඒ නිසා මිනිස් ඇල්බියුමින් මිලිලීටර් 100 කුඩා බෝතලයක් වුවද අධික ලෙස මිළ වනවා.
මේ නිසයි සහල් වැනි, පැලෑටියකින් මිනිස් ඇල්බියුමින් නිෂ්පාදනය කරගැනීමට හැකිවීම විප්ලවීය සොයාගැනීමක් වන්නේ. එවිට ඇල්බියුමින් මිළ විශාල ලෙස අඩුවිය හැකි අතර පිළිකා රෝගීන්, විශාල් ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන්ටත් සහනයක් වනු ඇති.
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment