AUTOMOBILES : KIA, Most Reliable Auto Brand 2022 | ඉස්සර බාලම Quality කාර් හදපු KIA MOTORS අද TOYOTAට වඩා උඩින්



ඇමරිකාවේ ජේ.ඩී පවර් වෙහිකල් ඩිපෙන්ඩබිලිට්ය් ස්ටඩී සමීක්ෂණය

ලෝකයේ ලොකුම වාහන වෙළඳපොල ඇමරිකාව. ඇමරිකාවේ ජේ.ඩී පවර් සමාගම හැම අවුරුද්දකම ඇමරිකාවේ විකුණන වාහන වර්ගවල Vehicle Dependability Study (VDS) ඒ කියන්නේ වාහනයක් අරගෙන මාස කිහිපයක් ඇතුලත ඒ වාහනයේ කොලිටිය, කාර්මික දෝෂ, අයිතිකරුගේ තෘප්තිමත් බව ගැන විශාල පර්යේෂණයක් කරනවා. අලුතෙන් වාහන ගත්ත ගැනුම් කරුවන් දහස් ගණනකට ඇමතුම් දීලා මේ තොරතුරු රැස් කරගන්නවා.

මේ සමීක්ෂණ පර්යේෂණයේ ප්‍රතිපල ඒ අවුරුද්දේ J D Power United States Vehicle Dependability Study විධියට එලි දක්වනවා. 20216 ඉඳන් ජේ.ඩී පවර් වෙහිකල් ඩිපෙන්ඩබිලිට්ය් සර්වේ එකේ උඩින්ම ඉන්නේ කොරියාවේ කියා සමාගමයි. 2022දිත්, කියා තමුන්ගේ සුපිරි කොලිටි, ඩිපෙන්ඩබිලිටි පිලිබඳව තියෙන විශ්වසනීයත්වය රැකගෙන තියෙනවා.


ජේ.ඩී පවර් සම්පූර්ණ වාහන රෑන්කින් සටහන ලිපියේ අවසානයේ තියෙනවා.


කියා ආරම්භකල හැටි

දකුණු කොරියාවේ දෙවන විශාලතම රථවාහන නිෂ්පාදකයා වන්නේ කියා සමාගමයි. අදවන විට වසරකට විවිධ වර්ගයේ වාහන මිලියන 3.5ක් පමණ අලෙවි කරන කියා සමාගමේ අයිතියෙන් 33%ක් හුන්ඩායි සමාගම සතුවෙනවා. 1944දී බයිසිකල් නිෂ්පාදනය සඳහා ඇරඹූ කියා සමාගම රථවාහන නිෂපාදනයට පිවිසුනේ 1957දී හොන්ඩා සමාගමේ කුඩා මෝටර් සයිකල් මාදිලියක් කොරියාවේ සෑදීම සඳහා අවසර ලබාගැනීමෙන් පසුවයි. 1962දී මැස්ඩා සමාගමේ අවසරයෙන් ට්‍රක් රථමාදිලියක් හා 1974දී මැස්ඩා කාර් රථයක්ද නිෂ්පාදනය කරන්නට පටන්ගත්තා.


මුලින් කොරියානු වාහන වෙළඳපොලට පමණක් සීමාවී තිබූ කියා වාහන අලෙවිය 90 දශකයේ වෙනත් රටවලටද ව්‍යාප්තවූ අතර අනූව දශකය අවසාන වනවිට ඇමරිකා එක්සත් ජනපදය කරාද ව්‍යාප්ත කලා. කෙසේ වෙතත් කියා සන්නාමය ඇමරිකාවේදී දැඩි පසුබෑමකට පත්වූයේ එය ලෝකයේ ඉතාමත් තරඟකාරීම වෙළඳපොල වූ නිසා. 

ඒ වනවිට ජෙනරල් මෝටර්ස්, ෆෝඩ් හා ක්‍රයිස්ලර් වැනි ජනප්‍රිය ඇමරිකානු සන්නාම අභිබවා ඉහලම තත්වයේ කාර් නිෂ්පාදකයින් බවට ජපානයේ ටොයෝටා, නිසාන් හා හොන්ඩා සමාගම් පත්වී තිබූ අතර ටොයෝටා කැම්රි, හොන්ඩා සිවික් වැනි ජපන් මාදිලි ඇමරිකාවේ ජනප්‍රියම කාර් රථ බවට පත්වී තිබුන අතර ඒවා මිලියන ගණනින් අලෙවි වුනා.

1998 වනවිට කියා සමාගම බංකොලොත්වූ අතර හුන්ඩායි සමාගමේ ආයෝජන මත එය නැවතත් සක්‍රිය වුනා.

යලි ගොඩනැගුනු කියා

නවීන උපාංග, සුවපහසුව හා ඉහලම විශ්වාසදායි ක්‍රියාකාරිත්වය යන මාන සියල්ලෙන්ම ජපන් කාර් ඇමරිකාවේ අංක එක  බවට පත්වෙද්දී කොරියානු කියා වාහන,  තත්වය (quality) හා විශ්වාසදායිතාවය (reliability) අතින් පහතම අඩියට වැටී තිබුණා. අලුත් වාහන වල තත්වය හා විශ්වාසදායිතාවය පිලිබඳ සමීක්ෂණය කරන සුප්‍රකට J.D. Power  J.D. Power’s 2022 US Vehicle Dependability Study (VDS) සමීක්ෂණයේදී කියා සමාගමේ වාහන මාදිලි බොහොමයක් අංක 35ටත් පහලින් රැඳී සිටි අතර 2005 වනතෙක්ම 30වන ස්ථානයෙන් ඉහලට එන්නට කියා වාහනවලට නොහැකිවී තිබුණා. අලුත් වාහනයක් මිළදීගෙන තෙමසක් ඇතුලත පාරිභෝගිකයා විසින් තමන් මිලදීගත් වාහනයේ තත්වය හා විශ්වාසදායිතාවය පිලිබඳව හා කොපමණ යාන්ත්‍රික හා වෙනත් දෝශ හා ගැටලුවලට මුහුණ දුන්නාද යන මාන ඇසුරින් සැකසෙන ජේ.ඩී පවර් කොලිට් ස්ටඩී වාර්තාව ඇමරිකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද වාහන නිෂ්පාදකයින්ගේ සාර්ථකත්වය මැන බැලීම සඳහා යොදාගන්නවා.


කෙසේ වෙතත් 2006 වසර වන විට මේ කණගාටුදායක තත්වයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට කියා කළමණාකාරිත්වය  කටයුතු කලා. ඉතාමත් ආකර්ෂණීය මෝටර් රථ නිර්මාණය කරගැනීම සඳහා ජර්මනියේ අව්ඩි සමාගමේ ප්‍රධාන නිර්මාණශිල්පී පීටර් ෂ්‍රෙයර් අධික වේතනයක් ගෙවමින් කියා සමාගමට බඳවාගත් අතර නවමු ආකාරයේ වාහන හැඩගැන්වීම් සඳහා ඔහුට නිදහස ලබාදුන්නා. 

අව්ඩි සමාගම වෙනුවෙන් Audi TT Coupé වැනි අති සාර්ථක මාදිලි නිර්මාණය කල පීටර් ෂ්‍රෙයර් ආකර්ෂණීය නිර්මාණ බිහිකරද්දී තත්වය හා විශ්වාසනීයත්වය ඉහල දමාගැනීම සඳහා කියා සමාගම ඩොලර් බිලියනයක් පමණ ආයෝජනය කලා. කොරියාවේ, ඇමරිකාවේ හා වෙනත් රවල ඉතාමත් නවීන තාක්ෂණයෙන් යුතු කර්මාණ්තශාලා ඇතිකල කියා සමාගම තත්ව පාලනයේ හිනිපෙත්තේ සිටි ටොයෝටා සමාගම පවා අභිබවා යා හැකි තත්වපාලන රාමුවක් නිර්මාණයකර ගත්තා.

මේ වෑයමේ ප්‍රතිපල ඉතා ඉක්මණින් නෙලාගන්නට කියා සමාගමට හැකිවූ අතර 2016, 2017, 2018, 2019, 2020, 2021 හා 2022යන වර්ෂවල J.D. Power’s 2022 US Vehicle Dependability Study (VDS) සමීක්ෂණයේ ඉහලම තත්වයේ වාහන සන්නාමය බවට කියා පත්වී තිබෙනවා.


Comments

  1. හපොයි මගේ කාරෙක මැද හරියක. එච්චර සවුත්තුද හේ හේ , කියා හොඳයි කියල යාලුවෝ කියනව.

    ReplyDelete

Post a Comment