NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

TRAVEL: යහමින් තෙල් තියෙන කාලකෙ බලන්න යන්න වටින බිංදුවේ සැතපුම් කණුව

 


මේ බිංදුවේ කණුව තියෙන්නේ ගිණිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රිපාද මාර්ගයේ එනම් මස්කෙලිය - ලක්ෂපාන - නෝටන් බ්‍රිජ් මාර්ගයන් බෙදෙන තුන්මං හන්දියේ.

බොහෝ දෙනෙක් මෙය කිලෝමීටර් බිංදුවේ කණුව ලෙස හදුන්වන  නමුත් එය මාර්ගවල දුර දක්වන කිලෝමීටර් හෝ සැතපුම් කණුවක් නොව, ස්ථාන සළකුණක්.

මේ තැනට සාමාන්‍ය කතාබහේදී ඩබල් කටින් (double cutting කියලත් කියනවා. ඒකට හේතුව ශ්‍රි ලංකාවේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වාත්, කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වාද සිරස් හා තිරස් රේඛා මගින් යාකෙරුවොත්, ඒ රේඛා ජේදනය වන ස්ථානය මෙය වන නිසා.

ඒ කියන්නේ ලංකාවේ දිගම ස්ථාන දෙකත්, පලලම ස්ථාන දෙකක් රේඛාවලින් යාකරන්න පුලුවන් නම්, ඒ රේඛා කැපෙන තැන මේ විධියට සළකුණු කරලා තියෙනවා.

අන්න ඒ නිසයි මේ සළකුණ වැදගත් වෙන්නේ. ලංකාවේ සිතියම් කරණයේදී මෙම ස්ථානය වැදගත් වෙනවා.


(C) ඡායාරූප සමාජ-ජාලවලින් ලබාගත් අතර ඒවායේ අයිතිය, එම ඡායාරූපවල මුල් ඡායාරූප ශිල්පීන් සතුවෙනවා.

Comments