NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

MILITARY TECHNOLOGY: ඉස්සර ඇමරිකාවේ DARPA එකෙන් අහන්න ලැබුණ ඒවා දැන් එන්නේ චීනෙන් | Stuff like this used to come out of DARPA concept papers. Now they come from China.

Redefining the Airborne Node: Shenyang’s Sixth-Generation Fighter Vision ශෙන්යැන්ග් සමාගමේ හයවන පරම්පරාවේ ප්‍රහාරක යානා දැක්ම


ගුවන්යානා සැලසුම්කරණය පිළිබඳ චීන සඟරාවේ 2026 අගෝස්තු කලාපයේ, ෂෙන්යැන්ග් ගුවන්යානා සැලසුම් හා පර්යේෂණ ආයතනයේ (601 ආයතනය) ප්‍රධාන පියාසර-පාලන සැලසුම්කරු වන ෂැං දොං (Zhang Dong) ගේ මූලිකත්වයෙන් පිළියෙල කළ සම-සමාලෝචිත (peer-reviewed) පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළා. 

මෙම අධ්‍යයනය මගින් ගුවන් ප්‍රහාරක පද්ධති ක්ෂේත්‍රයේ විශාල පිම්මක වෙනසක් වෙත චීනය යොමුවන ආකාරය අවධානයට ලක් කරනවා. විශ්ලේෂකයින් මෙම සංවර්ධනයන්, තාවකාලිකව J-50 (හෝ J-XD) ලෙස හඳුන්වන එන්ජින් දෙකේ වල්ගයක් නොමැති මූලාකෘති (tailless experimental aircraft) යානාවට දැඩි ලෙස සම්බන්ධ කළත්, මෙම පර්යේෂණ පත්‍රිකාව සාමාන්‍ය තාක්ෂණික විෂය පථයන් කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර J-50 යන නාමය සෘජුව සඳහන් කරන්නේ නැහැ.


ෂෙන්යැන්ග් ගුවන්යානා සැලසුම් හා පර්යේෂණ ආයතනය විසින් 2026 අගෝස්තු මාසයේදී නිකුත් කළ පර්යේෂණ වාර්තාව, ඊළඟ පරම්පරාවේ ගුවන් යුධ උපක්‍රම සම්බන්ධයෙන් චීනයේ මෙහෙයුම් දර්ශනය පිළිබඳව දුර්ලභ මට්ටමේ අදහසක් ලබා දෙනවා. 

ගුවන්යානයක චාලක ක්‍රියාකාරීත්වය හෝ රේඩාර් සිග්නල් අවම කිරීමේ හැකියාව (RCS) මත පමණක් පදනම්ව එය තක්සේරු කරනවා වෙනුවට, අනාගත 6 Gen ප්‍රහාරක යානාව චීන යුධ සැලසුම්කරුවන් හා තාක්ෂණවේදීන් සලකන්නේ හුදෙක් ආයුධ රඳවන පද්ධතියක් (weapons platform) ලෙස විතරක් නෙවෙයි; සතුරු බාධා අධික පරිසරයන් තුළ ක්‍රියාත්මක වන ගුවන් පාලන කේන්ද්‍රයක් ( airborne command node) විදිහටයි.

මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් නූතන ගුවන් සංග්‍රාමයකදී හෝ සතුරු ගුවන් නාෂක බලය අධික ගුවන් පෙදෙසක ක්‍රියාත්මකවීමේදී ඇතිවන ප්‍රධාන අවදානම් තුනක් ජයග්‍රහණය කිරීම සඳහා නිර්මාණය කරන ලද තාක්ෂණික උපයෝගීතා යෝජනා ත්‍රිත්වය පැහැදිලි කරනවා:

Incapacitation-Proof Autonomous Flight Control

අධික G-බල යටතේ සිදුකරන හැසිරවීම් සහ සංකීර්ණ උපක්‍රමික පරිසරයන් නිසා නියමුවන්ට දැඩි කායික පීඩනයක් එල්ල වෙනවා. නියමුවා සිහිසුන් වීම (G-LOC) හෝ දිශානතිය අහිමි වීම (spatial disorientation) වැනි තත්ත්වයක් සංවේදක මගින් හඳුනාගත්තොත්, වහාම යානයේ පාලනය ලබාගත හැකි ස්වයංක්‍රීය පියාසර පාලන පද්ධතියක් ගැන මෙම පත්‍රිකාවේ විස්තර වෙනවා.

මෙය සාමාන්‍ය ස්වයංක්‍රීය පියාසර පද්ධතියක් ලෙස ක්‍රියා කරනවා වෙනුවට, නියමුවා යථා තත්ත්වයට පත්වන තෙක් යානය ස්ථාවර කරමින්, මෙහෙයුම ඉදිරියට ගෙනයෑම හෝ ආපසු පැමිණීම ස්වයංක්‍රීයව සිදුකරනවා. මෙයින් සිදුවන්නේ දැඩි අවදානම් සහිත මොහොතකදී, මූලික පැවැත්ම සහ යානය පාලනය කිරීමේ කාර්යභාරය යානය තුළ ඇති කෘතිම බුද්ධිය (AI) වෙත පැවරීමයි.

2. Quantum Navigation Under Satellite Denial

නූතන ගුවන් මෙහෙයුම් සඳහා GPS හෝ Beidou වැනි ගෝලීය චන්ද්‍රිකා නාවික පද්ධති (GNSS) මත විශාල වශයෙන් පදනම් වීමට සිදුවන නිසා, චන්ද්‍රිකා සංඥා බාධා කිරීම් (jamming) සහ ව්‍යාජ සංඥා නිකුත් කිරීම් (spoofing) ප්‍රධාන ආරක්ෂක තර්ජනයක් ලෙස මතු වෙනවා.

විද්‍යුත් චුම්බක තරංග නිකුත් කිරීමකින් හෝ චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වීමකින් තොරව, තදින් ආරක්ෂිත ගුවන් සීමාවන් තුළට ඇතුළු වීම සඳහා ක්වොන්ටම්  තාක්ෂණයන් එකතු කරන ආකාරය පර්යේෂකයන් මෙහිදී විස්තර කරනවා. 

Quantum inertial sensors වැනි ක්වොන්ටම්  සංවේදක භාවිතා කිරීම මගින්, දීර්ඝ කාලීන පියාසැරිවලදී පවා කිසිදු දෝෂයකින් තොරව, සංඥා බාධාවලට හසු නොවන නිවැරදි ස්ථානීය දත්ත ලබාගැනීමට (un-jammable positioning accuracy) මෙම නාවික පද්ධතියට හැකියාව ලැබෙනවා.

3. Dynamic Unmanned Wingman Swarms

මෙම පර්යේෂණය මගින් ප්‍රහාරක යානා නියමුවාගේ භූමිකාව, සාම්ප්‍රදායික ගුවන් සටන්කරුවෙකුගේ සිට මුළු බළඇණියම කළමනාකරණය කරන මෙහෙයුම්කරුවෙකු දක්වා පරිවර්තනය කරනවා. හයවන පරම්පරාවේ මෙම සංකල්පයේ ප්‍රධාන අවධානය යොමු වන්නේ, එකිනෙකට වෙනස් තාක්ෂණයන්ගෙන් යුතු විශාල මිනිසුන් රහිත ප්‍රහාරක ඩ්‍රෝන යානා (UCAV) සමූහයක් එකට සම්බන්ධ කරමින් මෙහෙයවීම සඳහායි

සටන් බිමේ ඇතිවන ක්ෂණික වෙනස්වීම්වලට අනුව, මෙම ස්වයංක්‍රීය ඩ්‍රෝන යානාවලට තමන්ගේ මෙහෙයුම් කාර්යභාරය ක්ෂණිකව වෙනස් කරගැනීමට හැකියාව තියෙනවා. එනම්, සතුරු තොරතුරු සෙවීම, විද්‍යුත් යුධ මෙහෙයුම් මගින් සංඥා බාධා කිරීම, ප්‍රහාරක ආයුධ රැගෙන යාම සහ ප්‍රධාන යානාව ආරක්ෂා කරන ආවරණයක් ලෙස ක්‍රියා කිරීම වැනි විවිධ කාර්යයන් අතර මාරු වීමට ඒවාට පුළුවන්.

Comments