- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
| Image Copyright: (C) Daily Mail, UK |
බ්‍රිතාන්‍යයේ විශේෂ කොමාන්ඩෝ බළකායක් වන විශේෂ යාත්‍රා බළකායට (Special Boat Service) දිය-ගොඩ දෙකෙහිම අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් හඹායාම සඳහා අලුත්ම අධිවේගී කුඩා බෝට්ටුවක් හඳුන්වාදී අතර මේ නොබෝදා එම අධිවේගී බෝට්ටුවේ අත්හදා බැලීම් සිදුවුන බව වාර්තාවනවා.
දියෙහි හා ගොඩබිමෙහි වේගයෙන් ගමන්කල හැකි මෙය ප්‍රවාහන ගුවන්යානයකින් අවශ්‍ය ඉලක්කය අසල මුහුදට පැරිෂූට් ආධාරයෙන් ගොඩබස්වන අතර දිය මතට පත්වූ වහාම මෙයට පැයට නාවික සැතපුම් 45ක එනම් පැයට කිලෝමීටර් 80ක අධික වේගයකින් ගමන් කිරීම ඇරඹිය හැකියි. වේගයෙන් වෙරළ කරා ඇදෙන මෙය වෙරළට පැමිණි වහාම හැකිලී ඇති රෝද 4ක් දිගහැරී යලිත් ගමන අරඹනවා. ඒ අනුව කොමාන්ඩෝ භටයින්ට ඉතාමත් වේගයෙන් සිය ඉලක්ක කරා ලඟාවී සතුරන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක ප්‍රහාර එල්ලකල හැකියි.
මෙහි ආයුධ ලෙස අධිබල මැෂින්තුවක්කුවක් සවිකර තිබෙන අතර දැනට භටයින් දෙදෙනෙකුට ගමන්කල හැකි මාදිලියක් අත්හදාබලන අතර ඉතා ඉක්මණින් භටයින් 8 දෙනෙකු ප්‍රවහණය කල හැකි මාදිලියක් හඳුන්වා දෙන්නට නියමිතයි.
__________________________________________________________________________ .
POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com .
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps
Comments
Post a Comment