මේ දවස්වල ඇමරිකාවේ ප්‍රධාන කාලය කාදැමීමක් (pastime) වන්නේ රුසියාවට බැන බැන සිටීමයි. ඇමරිකාවේ චන්දෙ පැරදුනු අය, දිනපු අය දිනුවේ රුසියන් හැකර්ලා නිසා යයි කියමින් විමර්ෂණ පවත්වයි. රුසියානු බුද්ධි අංශ ඇමරිකාව ඇතුලේ කරන ක්‍රියාකාරම් නිසා ඇමරිකාව අවුල්වෙමින් යනවා යයි චෝදනා කරයි.
මේ සියල්ලම දෙස උපහාසයෙන් බලා සිටින රුසියානුවන් අතර එහි ජනපති ව්ලැඩිමීර් පුටින්ද වෙයි.
ඇමරිකානුවන්ට ඇතිවී තිබෙන මේ රුසියානු භීතිකා උන්මාදය සිය ප්‍රවර්ධන කටයුතු වලට යොදාගන්නට රුසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් වන RT (Russia Times) රූපවාහිණී සේවය කටයුතු කරලා තියෙන ආකාරය ට්විටර් හරහා ලොවට මුදාහරින්නට එක් ට්විටර් ග්‍රාහකයෙක් කටයුතු කරලා.
මේ ඡයාරූපයේ තියෙන්නේ RT රූපවාහිණීසේවයේ ඇමරිකානු විකාශය රුසියානු ගුවන්තොටුපලවල් වල සවිකර ඇති ප්‍රචාරක පුවරුවක්. ඇමරිකාවේ රුසියානු භීතිකාව ඔවුන් ප්‍රහසණාත්මකව අලෙවි ප්‍රවර්ධනයට යොදාගෙන තිබෙන්නේ මේ විධියට
Missed a plane?
Lost an election?
BLAME IT ON US!
"චන්දෙ පැරදුනාද? ෆලයිට් එක මිස් වුනාද? බනින්න අපිට!!!"

Comments
Post a Comment