ශල්‍ය වෛද්‍යවරුන් ශල්‍යකර්මවලදී මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කැපුම් තුවාල නිසිපරිදි වසා දැමීමේ සාර්ථක හා ආරක්ෂිත ක්‍රමයක් නොමැතිවීමයි. මැහුම් දැමීම කාලය ගතවන, ඉතා සූක්ෂ්මව සිදුකල යුතු ක්‍රියාවක්. සිරුර අභ්‍යන්තරයේ මැහුම් දැමීමට ගතවන කාලය අතරතුර රෝගියා සිහි මූර්ජිතව තබාගත යුතු අතර මැහුම් දමන කාලය අතරතුරද රුධිරය වහනය වෙමින් එක් රැස් වනවා. මෙම එක් රස් වන රුධිරය නිසිපරිදි ඉවත්කිරීමද සිදුකල යුතුයි.
අභ්‍යන්තර හා බාහිර තුවාල ඉක්මණින් වසා දැමීමට හොඳම ක්‍රමය සුපර් ග්ලූ හෙවත් ක්ෂණිකව ඇලවෙන ගම් වුවත්, අද භාවිතාවන සුපර්-ග්ලූ සයනයිඩ් සංයෝගයක් අඩංගු විෂ ද්‍රව්‍යයක් නිසා භාවිතා කිරීමට නොහැකියි. මේ සඳහා විසඳුමක් ලෙස ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් ස්වභාවික සුපර් ග්ලූ විශේෂයක් නිපදවා තිබෙනවා.
මෙම ජෛව-සුපිරි ග්ලූ වර්ගය නිපදවා ඇත්තේ යුරෝපයේ වෙසෙන නම් හම්බෙල්ලන් විශේෂයක් (slug) ශ්‍රාවය කරන සෙවල වලින්. මෙම සෙවල ආධාරයෙන් හම්බෙල්ලන් තමන් සිටින පෘෂ්ඨය හා තදින් බැඳී සිටින අතර විලෝපිකයින්ට ඔවුන් ආහාරයට ගැනීමට අපහසු වෙනවා. මෙම සෙවල ජලයේ දිය නොවන අතර ඕනෑම පෘෂ්ඨයක ඇලවීම සිදුවනා. එමෙන්ම ජීවී ද්‍රව්‍යයන් නිසා වස-විසෙන් තොරයි.
මේ ස්වභාවික ගම් වර්ගය ආධාරයෙන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් සංයෝග කරන ලද ජෛව-සුපිරි ග්ලූවර්ගය තෙත සහිත ඔනෑම මතුපිටක ඇලවෙනවා. එනිසා ශල්‍යකර්මවලදී කැපුම් තුවාල එකතුකිරීමට, සම මතුපිට ගැඹුරු කැපුම් හා කිරීමටද යොදාගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

Comments
Post a Comment