AVIATION: කටාර් රාජ්‍යයට ලැබුණු නවීන Eurofighter Typhoon ජෙට් යානා.

 


කටාර් ගුවන් හමුදාවට (Qatar Emiri Air Force) නවීන යුරෝෆයිටර් ටයිෆූන් ජෙට් යානා ලැබී ඇති බව විදෙස් ආරක්ෂක තොරතුරු වෙබ් අඩවි වාර්තාකරනවා. කටාර් ගුවන් හමුදාව ටයිෆූන් යානා 24ක් මිලට ගැනීමට ඩොලර් බිලියන 6.6ක ගිවිසුමකට එළබ තිබූ අතර එම ගිවිසුමට අනුව කටාරයට ලැබෙන පලමු ගුවන් යානා කිහිපය මේ වනවිට ඒවා නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයෙන් කටාරයට ලැබී තිබෙනවා.

යානයේ බඳෙහි විවිධ මිසයිල, රොකට් හා බෝම්බ ගෙන යා හැකි ස්ථාන (hardpoints) 13ක් තිබෙනවා. කටාරයට ඇණවුම් කරන යානාවල පහත ප්‍රහාරක මිසයිල හා රේඩාර් යන්ත්‍ර තිබෙන බව වාර්තා වෙනවා.

  1. Meteor beyond-visual-range air-to-air missiles (BVRAAMs) 
  2. Brimstone and Paveway IV precision-guided munitions for attacking ground targets
  3. Leonardo European Common Radar Standard Mk 0 radar


යුරෝෆයිටර් ටයිෆූන් යානා 24ම කටාරයට ලැබෙන විට තවත් වසරක් පමණ ගතවෙනු ඇති. දැනට කටාර් ගුවන් හමුදාව සතුව ප්‍රංශයේ නිෂ්පාදිත ඩැසෝ රෆාලේ (Dassault Rafale) යානා 27ක් ඇති අතර තවත් රෆාලේ යානා 9ක් ඇණවුම්කර තිබෙනවා. එමෙන්ම ඇමරිකන් F15E ස්ට්‍රයික් ඊගල් (F15E Strike Eagle) යානා 4ක් තිබෙන අතර තවත් ස්ට්‍රයික් ඊගල් යානා32ක් ඇණවුම් කර තිබෙනවා

මීට අමතරව කටාර් ගුවන් හමුදාව සතුව ඇපෑචි ප්‍රහාරක හෙලිකොප්ටර් (AH-64 Apache) යානා 24ක් හා ප්‍රංශයේ නිෂ්පාදිත ඒරෝස්පැටියෙල් ගැසෙල් (Aérospatiale Gazelle) මාදිලියේ සැහැල්ලු සන්නද්ධ මුර සංචාරක එලිකොප්ටර් 342ක් තිබෙනවා.




Comments