APPLE iOS 26 PUBLIC BETA 2 HAS JUST LANDED - පබ්ලික් බීටා 1 වලට වඩා ලොකු වෙනසක් නෑ

 


IOS 26 ඩෙවෙලොපර් බීටා සඳහා සම්බන්ධවිය හැකි මෘදුකාංග නිර්මාපකයින්ට එහි පස්වන ප්‍රධාන යාවත්කාලීනය , අත්හදා බලන්නට හැකිවී තිබුණත්, පොදු ජනතාව වෙත නිකුත් කරන IOS 26  පබ්ලික් බීටා යාවත් කාලීනය පිලිබඳව එතරම් කතා බහක් නෑ. 

ඒත් දැන් IOS26 මෘදුකාංගයේ යාවත්කාලීන කිරීම් උනන්දුවෙන් බලා සිටි ඔබ වෙනුවෙන්, IOS 26 පොදු බීටා 2 දැන් නිකුත් කර තිබෙන බව ඇපල් ආරංචිමාර්ග සඳහන් කරනවා.

බීටා පරීක්ෂකයින්ට ඔවුන්ගේ සැකසුම් වෙත ගොස් iOS 26 පොදු බීටා 2 ඔවුන් විසින්ම බාගත කර ගත හැක. ඒ සඳහා සාමාන්‍ය > මෘදුකාංග යාවත්කාලීන > iOS 26 පොදු බීටා (General > Software Update > iOS 26 Public Beta) වෙත යන්න.

ඔබ බීටා සඳහා ලියාපදිංචි වී නොමැති නම් සහ ලියාපදිංචි වීමට අවශ්‍ය නම්, iOS 26 පොදු බීටා ස්ථාපනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ කියවා බලා බීටා පර්යේෂකයෙකු ලෙස ඔබ ලියාපදිංචීම අවශ්‍යවෙනවා.

Apple සමාගම විසින් iOS 26 public beta 2 සඳහා නිකුත් කිරීමේ සටහන් (release notes) තවමත් ප්‍රසිද්ධ කර නැති නිසා සිදුකර ඇති වෙනස්කම් අපට ගැඹුරින් සොයාබලන්න අවස්ථාවක් නෑ.. කෙසේ වෙතත්, Reddit වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පොදු අදහස වන්නේ, මෙම යාවත්කාලීනය මේ සතියේ මුලදී නිකුත් කරන ලද iOS 26 developer beta 5 ට බෙහෙවින් සමාන බවයි.

iOS 26 හි අලුත් Liquid Glass අතුරුමුහුණතක් (interface) ලබාදී තිබෙන අතර, එය ඔබ මීට පෙර Apple උපාංගයක දැක නැති ආකාරයේ පෙනුමක් ඔබේ iPhone එකට ලබාදෙන්නට සමත්වෙනවා. විනිවිද පෙනෙන මෙනු, දිදුලන icons, සහ තවත් බොහෝ දේ ලික්විඩ් ග්ලාස් යාවත්කාලීනයත් සමග ඔබට ලැබෙනවා.

කෙසේ වෙතත් මේ මොහොතේ මතක තබා ගත යුතු කරුණක් නම්, Public Beta 2 ඔබගේ දුරකථනය මුලුමනින්ම වෙනස් කරන, විශේෂාංග රැසක් සහිත විශාල යාවත්කාලීනයක් නොවන බවයි.

විශේෂයෙන්ම ඔබ Public Beta 1 ස්ථාපනය කරගෙන තිබෙනවා නම්, Public Beta 2න් ලැබෙන්නේ සුළුවෙනස්කම් කිහිපයක් පමණයි. එහෙත් ඔබ ලික්විඩ් ග්ලාස් අතුරු මුහුණත් යාවත්කාලීනය සමග පැමිණි Public Beta 1 ස්ථාපනය කරගෙන නොමැතිනම් ඔබගේ අයිෆෝනයේ සැබෑවෙනසක් Beta 2 සමග ඔබට ලැබෙනවා.


Comments