Redmi Note 15 Pro+ launch date officially confirmed

 


Redmi Note 15 Pro+ හි එළිදැක්වීමේ දිනය නිල වශයෙන් තහවුරු ෂියෝමී සමාගම ඔවුන්ගේ වෙයිබෝ ගිණුම හරහා ප්‍රකාශයට පත්කලා. මේ අනුව අගෝස්තු 21වැනි දින, රෙඩ්මි නෝට් 15 මාදිලියේ චීන අනුවර්තනය එලිදැක්වීමට සියල්ල සූදානම්.

Redmi Note 15 Pro + මාදිලිය පිලිබඳව පමණක් නිවේදනයේ දක්වා ඇතත්, Pro 15 හා Note 15 මාදිලිද එදිනම එලිදැක්වෙනු ඇතැයි විශ්වාසකල හැකියි.

 රෙඩ්මි නෝට් 15 ප්‍රෝ+ (Redmi Note 15 Pro+) සැලසුම් අලංකාරය සහ කල්පැවැත්ම ඒකාබද්ධ කරන නිමැවුමක් ලෙස සමාගම විසින් හඳුන්වාදීමට සූදානම් වෙන බවයි වාර්තා වෙන්නේ.

නෝට් 15 ප්‍රෝ+ ඩිවයිසයේ වැඩි දියුණු කළ screen protection සඳහා ඉදිරිපසින් Xiaomi හි Crystal Glass වලින් සමන්විත වන අතර, නැමීමට සහ ගැටීම්වලට ප්‍රතිරෝධය වැඩි දියුණු කරන සැහැල්ලු නමුත් ශක්තිමත් ෆයිබර්ග්ලාස් back cover යුක්ත වේ.

Xiaomi Crystal Glass  Xiaomi විසින් flagship ස්මාර්ට්ෆෝන් සඳහා නිර්මාණය කරන ලද ඔවුන්ගේම ආරක්ෂක වීදුරු තාක්ෂණයකි. මෙම වීදුරුව නිර්මාණය කර ඇත්තේ Corning’s Gorilla Glass සහ Apple’s Ceramic Shield වැනි market leading ආරක්‍ෂණ තාක්ෂණයන්ට තරඟකරුවෙකු ලෙස ස්ථානගත කරමින්, බිම වැටීමට සහ සීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව  ඉහල තලයකට වැඩිදියුණු කරමින්.


Comments