ධනවත් රටවල්වල, විශේෂයෙන්ම ඇමරිකාවේ ආයෝජකයින් උන්මාදයක් ලෙස කරන AI ආයෝජන ඉක්මණින් බිඳ වැටිය හැකි AI Boom-Bust සංසිද්ධියක් බව Open AI සභාපති බ්‍රෙට් ටේලර් ACQ2 පොඩ්කාස්ට් එක සමග සිදුකල සාකච්ඡාවකදී පැවසූවා. මේ AI Boom සංසිද්ධිය 1995 Netscape සමාගමේ කොටස් නිකුතුවත් (IPO) සමග ඇරඹී 2000දී දරුණු කඩාවැටීමකට ලක්ව ආයෝජකයින්ට බිලියන ගණනින් පාඩු කල Dot-com උන්මාදයට සමාන බව ඔහු පවසනවා.
ඩොට් කොම් උන්මාදය යනු 1995දී නෙට්ස්කේප් සමාගම ඇතුලු අන්තර්ජාල වෙළඳාම හා ඒ හා බැඳුනු ව්‍යාපාර මොඩල (business model) ආශ්‍රිතව ගොඩ නැගුනු අන්තර්ජාල ව්‍යාපාර වලට ආයෝජකයින් උන්මාදයක් ලෙස බිලියන ගණනින් ආයෝජනය කිරීමයි.
New Economy හෙවත් නව ආර්ථිකය ලෙස අන්තර් ජාල හා සම්බන්ධ ව්‍යාපාර හැඳින්වුනු අතර අද බොහෝ ආයෝජකයින් හා දැවැන්ත සමාගම් කෘතිම බුද්ධි තාක්ෂණය ගැන ඇති අන්ධ විශ්වාසයෙන් සිදුකරන දැවැන්ත ආයෝජනවලට සමානව එකලද ඩොට් කොම් අන්තර් ජාල ව්‍යාපාරවල ආයොජන සිදුවූ අතර බොහෝ ආයොජකයින්ට සිය ආයෝජන අහිමිවී පාඩු විඳින්නට සිදුවුනා.
1995-2000 ඩොට්කොම් උන්මාදය වැනි ආයෝජන රටාවක් වර්තමාන AI ආයෝජන උන්මාදයේද දකින්නට තිබෙන බව බ්‍රෙට් ටේලර් පවසනවා. එයද අවසන් විය හැක්කේ ඩොට් කොම් උන්මාදය අවසන්වූ ආකාරයටම අනුවන ආයෝජකයින්ට බිලියන ගණනින් අහිමි කරමින් වියහැකි බවට ඔහු අණතුරු අඟවනවා.
Comments
Post a Comment