NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

BUSINESS: End of the road for German auto industry? පණ අදින ජර්මන් වාහන කර්මාණ්තය


මෑතකදී සිට ජර්මානු මෝටර් රථ කර්මාන්තය මුහුණ දෙන ප්‍රබල අර්බුදය පිළිබඳව ජර්මනියේ DW News විසින් සිදු කරන ලද විශ්ලේෂණය අනුව, කලක් ජර්මානු ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ Mercedes-Benz, BMW සහ Volkswagen වැනි ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් මේ වන විට Tesla සහ චීන සමාගම්වල නිෂ්පාදන පිරිවැය හා තාක්ෂණය සමඟ තරඟ කිරීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.


අධික පිරිවැය


ජර්මානු මෝටර් රථ කර්මාණතය පිලිබඳව විශේෂඥයෙකු වන Ferdinand Dudenhöffer පෙන්වා දෙන පරිදි, ජර්මනිය තුළ පවතින අධික බලශක්ති සහ පරිපාලන වියදම් මෙන්ම අකාර්යක්ෂම මාර්ග, පාලම් සහ දුම්රිය සේවාවන්ගෙන් සමන්විත අවිධිමත් ප්‍රවාහන හා සැපයුම් පද්ධතිය හේතුවෙන් ගෝලීය වශයෙන් තරඟකාරීව වාහන නිෂ්පාදනය දිනෙන් දින අපහසු වෙමින් තිබෙනවා.

මීට අමතරව, වෘත්තීය සමිති විසින් සතියකට පැය 35ක සම්මත වැඩ කාලයක් පවත්වාගෙන යාම නිසා ශ්‍රම පිරිවැය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, එය පැය 40 දක්වා ඉහළ නැංවීමට සහ නිෂ්පාදන කර්මාන්තශාලා වසා දැමීමට නිෂ්පාදකයින් දරන උත්සාහයන් හේතුවෙන් IG Metall වැනි ප්‍රබල වෘත්තීය සමිති සමඟ දැඩි ගැටුම් නිර්මාණය වී බෙනවා. 

1900සිට 1960 දශකයේ අවසානය තෙක්ම ලොව වාහන නිෂ්පාදනයේ හා අලෙවියේ ඉදිරියෙන්ම සිටි බ්‍රිතාන්‍ය ලේලන්ඩ්, බ්‍රිටිෂ් මෝටර් කම්පණි, ඔස්ටින්, ෆෝඩ්, වොක්ෂෝල් වැනි සමාගම් 1970 දශකය අවසන්වන විට කඩාවැටීමට හේතුවූ කරුණුම දැන් ජර්මන් වාහන කර්මාණ්තයද විනාශ මුඛයට යවමින් තිබෙන බව විචාරකයින් පවසනවා. 


කම්කරු ආරවුල් සහ වැඩ කරන පැය ගණන 


පිරිවැය අධිකවීම සමගම දැඩිලෙස වෘත්තීය සමිතිකරණයට ලක්වූ බ්‍රිතාන්‍ය වාහන කර්මාණතයේ ශ්‍රම බළකාය නිතරම සමාගම් හිමිකරුවන් සමග ගැටුම් ඇතිකර ගනිමින්, වැඩි පඩි ඉල්ලන අතරම අඩුවෙන් වැඩකිරීමේ ඉල්ලීම්වලට යාම නිසා එම සමාගම් වැසීගොස් ප්‍රෞඪ ඉතිහාසයක් තිබූ බ්‍රිතාන්‍ය වාහන කර්මාණ්තය සම්පූර්ණයෙන්ම විනාශවී ජපන් සමාගම් කරලියට පැමිණුනා. දැන් ජර්මනියේද එයම සිදුවෙමින් තිබෙනවා.

අධික පිරිවැය හා ශ්‍රම බළකායේ ගැටලුවලට අමතරව, වඩාත් කාර්යක්ෂමව හා අඩු මිලකට වාහන නිෂ්පාදනය කිරීමට Tesla සහ චීන සමාගම්වලට ඉඩ සලසන 'giga casting' වැනි නවීන නිෂ්පාදන ක්‍රමවේද වෙත යොමු වීමට අපොහොසත් වීම හේතුවෙන් ජර්මානු නිෂ්පාදකයින් තාක්ෂණික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති බවට විවේචන එල්ල වෙනවා.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ තාක්ෂණික පසුබෑම


අවසාන වශයෙන්, වෙළඳපොළ ගතිකත්වයේ සිදු වූ මෙම වෙනස්කම් හේතුවෙන් ජර්මානු මෝටර් රථ සමාගම්වලට සිය වෙළඳපොළ කොටස අහිමි වෙමින් පවතිනවා. මීට පෙර ඔවුන්ගේ ප්‍රධානතම වෙළඳපොළක් වූ චීනයේ පාරිභෝගිකයින් Tesla සහ දේශීය චීන සමාගම්වල මිල අඩු, නවීන තාක්ෂණයෙන් යුත් විදුලි වාහන වෙත නැඹුරු වීම නිසා ජර්මානු මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටී තිබේ. 

2026 වසරේ මැද භාගය වන විට Mercedes සමාගමේ චීන අලෙවිය 30% කින් පමණ පහත වැටී ඇති අතර, ජර්මානු මෝටර් රථ කර්මාන්තය තුළ රැකියා 42,300 ක් පමණ අහිමි වීමට ද මෙම අර්බුදකාරී තත්ත්වය හේතු වී තිබෙනවා. තවද, Volkswagen සමාගමේ ජර්මානු කර්මාන්තශාලා සිය සම්මත ධාරිතාවයෙන් 60% ක මට්ටමක පමණක් ක්‍රියාත්මක වන බව දත්ත වාර්තා පෙන්වා දෙනවා. 

ජර්මනිය ප්‍රභල සාමාජිකයෙකුවන යුරෝපා හවුල දැඩි චීන විරෝධී ප්‍රතිපත්තියක සිටිමින් චීන සමාගම් වෙත විවිධ බාධක දමමින්, චීන වාහන ඇතුලු වෙනත් නිෂ්පාදනවල ආනයන බදු ඉහලදමමින් සිටීමද, චීනය තුල ජර්මානු ඇතුලු යුරෝපීය නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සීග්‍රයෙන් අඩුවෙමින් යාමට හේතුවක්.


Comments