රුසියාව RS-28 සර්මට් ලෙසත්, නේටෝව සාතන් 2 (NATO Designation: Satan 2) ලෙසත් නම් තබා ඇති අලුත්ම අන්තර් මහද්වීපික න්‍යෂ්ඨික බැලිස්ටික් මිසයිලය, සියලු පරීක්ෂණ අවසන්කොට දැන් රුසියානු බළඇණියට සක්‍රිය සේවය සඳහා අනුයුක්ත කරමින් පවතින බව රුසියාවෙන් වාර්තා වනවා. වසර 30 පැරණි SS-18 (නේටෝ කේතය - සාතන්1) න්‍යෂ්ඨික මිසයිල වෙනුවට අනුයුක්ත කෙරෙමින් පවතින RS-28 සාතන් 2 මිසයිලය, රුසියාව විසින් එතෙක් මෙතෙක් නිශ්පාදනය කරන ලද බලසම්පන්නම හා විශාලම මිසයිලය ලෙස විචාරකයින් හඳුන්වනවා.
තත්පරයකට කිලෝමීටර් 7ක සුපිරි වේගයකින් (24,500 km/h) පියාසර කල හැකි සාතන් 2 මිසයිලයට කිලෝමීටර් 10,000ක් උපරිම දුරක් පියාසර කල හැකියි. ඒ අනුව රුසියානු ෆෙඩරේෂනයේ ඕනෑම ස්ථානයක සිට ඉතා පහසුවෙන් ලන්ඩනය, පැරීසිය, බර්ලිනය වැනි විශාල යුරෝපීය නගර පමණක් නොව, අමෙරිකාවේ බටහිර වෙරළතීරයේ ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි දැවැන්ත නගරවලටත්, බටහිර වෙරලේ නිව්යෝර්ක්, වොෂිංටන් DC, බොස්ටන් වැනි නගරවලටත් ප්‍රහාර එල්ල කිරීමට පුලුවන්.
Makeyev Rocket Design Bureau නැමති රුසියානු රොකට් හා මිසයිල නිර්මාණ ඒජන්සිය නිර්මාණය කල මෙම මිසයිලය ටොන් 100කට වඩා බරින් යුතුයි. යුධ විශේෂඥයින් පවසන අන්දමට, නූතන මිසයිල නාෂක පද්ධති මගහැරීම සඳහා සුවිශේෂ පියාසර උපක්‍රම උපයෝගී කරගන්නා මෙම මිසයිලය බිම හෙලීමට ඉතා අපහසුයි.
මෙගා ටොන් 50ක අතිවිශාල පිපුරුම් බලයක් ඇති න්‍යශ්ඨික බෝම්බයක් හෝ, වෙන වෙනම ඉලක්ක 15කට එල්ල කල හැකි, කුඩා ප්‍රමණයේ න්‍යෂ්ඨික බෝම්බ 15ක් ගෙනයා හැකි මෙම බැලිස්ටික් මිසයිලය රුසියානු උපක්‍රමීය රොකට් බලකාය (Strategic Rocket Forces) මගින් මෙහෙයවනු ඇති.
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment