Google Pixel / Pixel XL වතගොත හා කැමරා වාර්තාව

ගූගල් සමාගම මගින් නිර්මාණය කොට තායිවානයේ HTC සමාගම මගින් නිෂ්පාදනය කරන ලද ගූගල් පික්සල් හා පික්සල් XL ස්මාර්ට්ෆෝන මාදිලි දෙක මෑතකදී ලොවට එලිදැක්වුනා. ගූගල් සමාගම පවසන අන්දමට දැනට වෙළඳපොලට ඉදිරිපත්ව ඇති ස්මාර්ට්ෆෝන අතරින් හොඳම ස්මාර්ට්ෆෝනය ගූගල් පික්සල්.

Pixel හා Pixel XL අතර ඇති ප්‍රධාන වෙනස්කම් වන්නේ තිරයේ විශාලත්වය හා තිරයේ විබේධන අතර වෙනසයි. පික්සල් අඟල් 5ක තිරයකිනුත්, පික්සල්. එක්ස්.එල් අඟල් 5.5ක තිරයකිනුත් සමන්විත වනවා. 

Qualcomm MSM8996 Snapdragon 821 ප්‍රධාන ප්‍රොසෙසරයකින් හා Adreno 530 ග්‍රැෆික් ප්‍රොසරයකින් බලගැන්වෙන පික්සල් මාදිලි දෙකෙහිම මතක ධාරිතාවය ගිගාබයිට් 4ක් වනවා. මෙගාපික්සල් 12ක ප්‍රධාන කැමරාවකින් හා මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවකින් යුතුවන මෙම මාදිලි දෙකෙහිම ඡායාරූප ත්‍රීව්‍රතාවය ඉතා ඉහල බව වාර්තාවනවා. කෙසේවෙතත් පික්සල් ප්‍රධාන කැමරාවේ Image Stabilization තාක්ෂණ අඩංගු කොට නැති නිසා අඩ අඳුරේ ඡායාරූප බොඳවීයාහැකි බවට විචාරකයින් පවසනවා.

විචාරකයින් එසේ පැවසුවත්, කැමරාවල ගුණාත්මක භාවය පිලිබඳව පරීක්ශාකොට වාර්තාකරන Dxomark සේවාවේ ගූගල් පික්සල් කැමරා විවරණයේදී එයට ලකුණු 86/100 ඉහල අගයක් ලබාදී තිබෙනවා. ඩෙක්සෝමාර්ක් වාර්තාවේ අඩංගු පික්සල් කැමරාවෙන් ගන්නා ලද ඡායාරූප හා සාරංශ වාර්තාව පහලින් දැක්වෙනවා.

Fingerprint, Accelerometer, Gyroscope, Proximity Sensor, Digital Compass, Digital Barometer යන සංවේදක (sensors) පික්සල් ෆෝන් මාදිලි දෙකෙහිම අඩංගුවන අතර "නෝගට්" ලෙසින් හැඳින්වෙන අලුත්ම Android OS, v7.1 මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වනවා.

Google Pixel DxOMark Camera Report



Exposure and Contrast (90)

ඉතා හොඳ තත්වයේ නිරාවරණයක් හා තීව්‍රතාවයක් පෙන්වන සුපැහැදිලි ඡායාරූප ලබාදෙනවා. ලකුණු 90/100. කෙසේවෙතත් ස්වභාවික දර්ශණ ඡායාරූපකරණයේදී පික්සල් කැමරාවට වඩා ගූගල් ගැලැක්සි S7 කැමරාව වඩා සුපැහැදිලි ඡායාරූප ලබාදී තිබෙනවා.

Color Balance (85)

කැමරාවේ වර්ණ සමබරතාවය ඉතා හොඳ මට්ටමක පවතිනවා. ස්වයංක්‍රීය සීරුමාරුව බොහෝ තත්වයන් යටතේ ඉතා හොඳින් ක්‍රියාත්මක වන බැවින් ඉහල වර්ණ සමබරතාවයක් පෙන්වන අතර එක් අතකට බරවූ (colour cast) වර්ණ පෙන්වීම ඉතා අවමයි. ලකුණු 85/100

Autofocus (93)

ස්වයංක්‍රීය නාභිගත කිරීමේ තාක්ෂණය හොඳ ආලෝක තත්වයන් යටතේදීත් මද ආලෝක තත්වයන් යටතේදීත් හොඳින් නාභිගතවූ ඉහල තත්වයේ ඡායාරූප ලබාදී තිබෙනවා.ලකුණු 93/100

Details (93) and Noise (84)

ඡායාරූපයේ විබේධනය හා ඉතා සියුම් සළකුණු හා වර්ණ වෙනස්වීම ඉතා තාත්විකව ඡායාරූපයේ පෙන්වීමේ හැකියාව ලෙස හැඳින්වෙන අතර මෙයට ලකුණු 93/100 ලැබී තිබෙනවා. නොයිස් ලෙසින් හැඳින්වෙන්නේ ඡායාරූපයට කැමරාවේ ලෙන්සයේ හෝ සෙන්සරයේ විවිධ දෝෂ නිසා අමතරව එකතුවන දෝෂයන්ය. මෙහිදීද පික්සල් කැමරාව ලකුණු 84/100 ලබාගෙන තිබෙනවා.

Pixel Sample Photos






__________________________________________________________________________

  Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments