සිය අලුත්ම සැම්සුන්ග් නෝට් 7 දුරකථන පිපිරීමට හා ගිණිගැනීමට පටන්ගැනීම නිසා සැම්සුන්ග් සමාගම කෝටි ගණනක පාඩුවකට හා විශ්වාසනීයත්වය පිලිබඳව මහත්වූ අර්බුදයකට මුහුණ දෙන්නට පටන්ගත්තේ මේ නොබෝදා.
දැන් මේ පිපිරෙන ගිණිගන්න ලෙඩේ ඇපල් අයිෆෝන් 7ටද බෝවී ඇති බව චීනයෙන් වාර්තාවනවා. චීනයේ පුද්ගලයෙකු වීඩියෝවක් පටිගත කරමින් සිටියදී ඔහුගේ ඇපල් 7 පුපුරා ගිය බව සඳහන් වනවා. ඒ වගේම තවත් අලුත්ම ඇපල් 7 ෆෝනයක් ඇසුරුමෙන් ඉවත් කිරීමේදී පුපුරාගිය බව පැවසෙනවා.
එමෙන්ම ඇපල් 6 ෆෝනයක්ද ගිය සතියේ ගිණිගෙන විනාශවූ බවත් කැලිෆෝනියාවේ ෆ්‍රිස්නෝ ප්‍රදේශයේ පදිංචි ඇය විනාශවූ දුරකතනය ප්‍රදේශයේ නිළ ඇපල් අලෙවිසැල වෙත භාරදුන් බවත් පැවසෙනවා.
__________________________________________________________________________

Comments
Post a Comment