සෝලාර් වෝඩන්: පිටසක්වල තාක්ෂණයෙන් නිපදවූ අභ්‍යවකාශ යානා බළකාය | Solar Warden: The Secret Space Fleet Built with Alien Technology |
2001 වසරේදී ගැරී මැකිනොන් නම් බ්‍රිතාන්‍ය ජාතික පරිගණක හැකරුවෙකු නාසා ආයතනයේ හා අමෙරිකාණු ආරක්ශක දෙපාර්තමේන්තුවට අයත් පරිගණක ජාල 97කට ඇතුලු වුනා. ඔහුගේ අරමුණ වුනේ අමෙරිකාව රහසේ නිර්මාණය කොට, තවමත් ලොවට හඳුන්වාදුන්, ඉතා ලාභදායි ලෙස බලශක්තිය නිපදවන "free energy" නම් බලශක්ති ප්‍රභවය පිලිබඳව තොරතුරු සොයාගෙන ඒවා ලොව වෙත මුදා හැරීමයි.
මැකිනොන්ට "ෆ්‍රී එනර්ජී" බළශක්ති ප්‍රභවය පිලිබඳව තොරතුරු හමුනොවුනත් ඊට වඩා බොහෝ වැදගත් තොරතුරක් හමුවූ බව පැවසෙනවා.
ඔහු විසින් ඇතුලුවුනු එක් රහසිගත දත්ත ගබඩාවක "non-terrestrial officers" ලෙසින් හැඳින්වූ නම් ලයිස්තුවක් හමුවූ අතර යම් ආකාරයක අභ්‍යවකාශ යානා සමුදායක් (spaceship fleet) පිලිබඳව සටහන් හමුවුනා. Terrestrial යන වචනයෙන් "පෘථිවිය මත" නැතහොත් "පෘථිවියේ හටගත්" යන්න අදහස් වන අතර ඒ අනුව "non-terrestrial" යනු "පෘථිවියෙන් එපිට" යන අදහස ගත හැකියි. එනම් මෙහි "non terrestrial officers" යනුවෙන් හඳුන්වන්නේ "පෘථිවියෙන් එපිට සේවයේ යෙදී සිටින නිළධාරීන්" යන්න බව විශ්ලේෂකයින්ගේ අදහස වන අතර ඒ අනුව මෙම හමුදා නිළධාරීන් රහසිගත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක හෝ පෘථිවියෙන් පිටත සෞරග්‍රහ මණ්ඩලයේ සැරිසරන යම් ආකාරයට යානා වල සේවයේ යෙදී සිටින නිළධාරීන් වශයෙන් සැළකිය හැකියි.
මෙම නම් ලයිස්තුව පිලිබඳව ඉමහත් කුතුහලයට පත් ගැරී මැකිනොන් එම නම්, අමෙරිකානු ගුවන්, නාවික හා ආරක්ශක දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවල ඇති නම් හා සන්සන්දනය කල බව පැවෙසෙන අතර, එහෙත් එම නම් ලයිස්තුවේ ඇති නිළධාරීන්ගේ නම් වෙනත් කිසිදු පරිගණක දත්ත ගබඩාවක නොතිබූ බව පැවසෙනවා. ඒ අනුව ගැරී මැකිනොන් විශ්වාස කරන්නේ මෙම නම්, මානව නිළධාරීන් නොව අමෙරිකානු ආරක්ශක හමුදා සමග ඒකාබද්ධව යම් ආකාරයක අභ්‍යැවකාශ යානා හමුදාවක් පවත්වාගෙන යන බවයි.
මෙම ඒකාබද්ධ අභ්‍යවකාශ යානා බළකාය "Solar Warden" නම් කොට ඇති බව මැකිනොන් ඇතුලුවූ දත්ත ගබඩාවල තිබූ තොරතුරු වල සඳහන් වනවා. එම බළකායේ මිනිස් නිළධාරීන් මෙන්ම පිටසක්වලයින්ද සේවයකරන බවට අදහසක් වනවා.
__________________________________________________________________________

Comments
Post a Comment