ANTI TERROR : අහිංසකයින් බේරා ත්‍රස්තයින් පමණක් නසන අලුත්ම CIA "නින්ජා" මිසයිලය


ඉහත ට්විටර් පණිවුඩයෙන් දැක්වෙන්නේ බටහිර සිරියාවේ ජිහාඩි ත්‍රස්තයින් ගමන්කල රථයකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකි. මෙහි ගමන්කරමින් සිට ඇත්තේ අල්ඛයිඩාවේ උප නායක අබු-ඛ‍යර් අල්-මස්රී ත්‍රස්තයායි.

සමාන්‍යයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවූ විට රථය පුපුරා සුණුවිසුණුවී ගිණිගනී. ගොඩනැගිල්ලක් නම් පුපුරා කඩාවැටේ. එහෙත් මේ ඩ්‍රෝන ප්‍රහාරයේදී එවැනි කිසිදු පුපුරායාමක් සිදුවී නැති බව පැහැදිලියි.



රථය පුපුරා නොගියත්, එය ඇතුලට මහත්සේ විනාශවී ඇති බව පැහැදිලිව පෙනේ. ඒ අනුව එහි ගමන්කල ජිහාඩින්ට අත්වූ ඉරණම සිතාගත හැකිය.

පුපුරා නොගොසින් මෙවැනි විනාශයක් කල හැකි මිසයිලය කුමක්ද?

R9X Ninja Hellfire Missile




නින්ජා හෙල්ෆයර් මිසයිලය, ඩ්‍රෝන ප්‍රහාරවලදී සිදුවන අහිංසක ජනයා ඝාතනය වීම වලක්වමින් ඉලක්කගත ත්‍රස්තයන් විනාශකිරීම සඳහා නිර්මාණය කල අලුත්ම මිසයිලයක් බව ඇමරිකාවෙන් වාර්තාවෙනවා. සී.අයි.ඒ ඔත්තුසේවයේ ඇණවුමක් මත නිර්මාණය කල ඇති මෙය, ඩ්‍රෝනයෙන් නිදහස් කල වහාම ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයක වේගයෙන් ඉලක්කය වෙත කඩා වැටෙන්නේ ටොන් ගණනක් බර යකඩ බෝලයක ගතික ශක්තිය (kinetic energy) රඳවාගෙනයි.

එමෙන්ම, මිසයිය ඉලක්කයේ වැදීමට මොහොතකට පෙර ඉතා මුවහත් මෙන්ම ශක්තිමත් තල හයක් දිග හැරෙන අතර, ඉලක්කගත පුද්ගලයින්ට අත්වන්නේ බිහිසුණු ඉරණමක්. එහෙත් මිසයිලය වදින ස්ථානයට මිටර් කිහිපයක් ඈතින් සිටින කෙනෙකුට ඉන් හානියක් වන්නේ නෑ.

මෙම මිසයිලය 2017 සිටම සී.අයි.ඒ ඩ්‍රෝන ප්‍රහාර සඳහා යොදාගෙන ඇති බවත්, 2017දී අල් ඛයිඩාවේ දෙවැනි නායක අබු-ඛ‍යර් අල්-මස්රී මෙම මිසයිලයේ පලමු ඉලක්කය වූ බවත්, 2019 ජනවාරියේදී ජමාල් අල්-බඩාවී ත්‍රස්තයාව මරාදැම්මේද නින්ජා මිසයිලයකින් බවයි පැවසෙන්නේ. ජමාල් වර්ශ 2000 ඇමරිකානු නාවික හමුදා යාත්‍රාවකට එල්ලකල මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරය සැලසුම්කල තැනැත්තා බවයි සී.අයි.ඒ වාර්තා සඳහන් කරන්නේ.



Comments