DEFENCE : ලංකාව ඇතුලේ චීන බුද්ධි අංශ අර අඳින්නේ මොකටද?



MSS හෙවත් Ministry of State Security  චීනයේ රාජ්‍ය බුද්ධි අංශයයි. මීට අමතරව චීන මහජන විමුක්ති හමුදාව (People's Liberation Army of China) සතුවද විශාල බුද්ධි අංශයක් ඇතත් එහි ක්‍රියාකාරකම් ගැන කිසිදු විස්තරයක් සොයාගත නොහැකි තරමට රහසිගතව ක්‍රියාත්මක වෙනවා. චීනයේ බීජිං නුවර මූලස්ථානය කරගෙන ක්‍රියාත්මකවන MSS ඔත්තුසේවය, විවිධ අංශ 17කට බෙදී  ක්‍රියාත්මක වෙනවා. චීනය තුල MSS සිදුකරන ක්‍රියාකාරකම් අතර ප්‍රධාන තැනක් ගන්නේ ඔවුන් විසින් අන්තර්ජාලය හා සමාජ-ජාල තුල හුවමාරුවන තොරතුරු හා අදහස් පාලනය සඳහා පිහිටුවාගෙන ඇති අතිවීශාල වාරණ ක්‍රියාදාමයයි. මේ වාරණ මෙහෙයුමේ දහස්ගණනක් සේවය කරන අතර චීනය තුල මෙන්ම ඉන් පිටත ක්‍රියාත්මක වන ලක්ෂ ගණනක් වෙබ් අඩවි, සමාජ ජාල මෙන්ම ක්ෂණික සන්නිවේදන ජාල (instant messaging networks) පැය 24 පුරාම නිරීක්ෂණය කරමින්, චීන රජයේ නිළ අදහස් වලට විරුද්ධ සියලු ක්‍රියාකාරකම් වාරණය කරන අතර ඒවා සිදුකරන්නන් ඉතා ඉක්මණින් අත් අඩංගුවට ගන්නවා. ඒ අනුව සයිබර් වාරණ හා සයිබර් ක්‍රියාන්විත සඳහා MSS ඔත්තුසේවය සුවිශේෂ හැකියාවන් හා තාක්ෂණයන් ගොඩ නගාගෙන සිටිනවා.

චීන බුද්ධි අංශ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ රජයේ දැනුම ඇතුවද?

විදෙස් තානාපති ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට ලංකාව තුල චීන ඔත්තුසේවා නිළධාරීන් ගණනාවක් ක්‍රියාත්මක වනවා. මොවුන් ලංකාවට ඇතුලුවී ඇත්තේ මෙහි ක්‍රියාත්මක චීන ව්‍යාපෘතිවල විධායක නිළධාරීන් හා සේවකයින් ලෙස බවයි පැවසෙන්නේ. 

එමෙන්ම ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අමාත්‍යාංශ මෙන්ම ජනාධිපති හා අගමැති කාර්යාලවල සිදුවන බොහෝ රහසිගත දෑ, ඉතා ඉක්මණින් දැනගත හැකිවන ලෙස බුද්ධි ජාලයක් ඔවුන් ගොඩනගාගෙන තිබෙනවා. 

ජනාධිපති හා අගමැති සිදුකරන රහසිගත සාකච්ඡා, ආරක්ෂක අමාත්‍යාංශය තුල සිදුවන දෑ මෙන්ම දේශ පාලන පක්ෂතුල ඉහලම තලයේ සිදුවන දෑ සියල්ලම, වෙනත් විදෙස් ඔත්තුසේවාවලට ප්‍රතමයෙන් චීනයට ලැබෙන බවයි ඔවුන් විශ්වාස කරන්නේ. ඒ තරමටම චීන ඔත්තුසේවය ලංකා රජය විනිවිද යනන්ට සමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ සියලුම තලවල යම් යම් නිළධාරීන් ජාතික ආරක්ෂාව පිලිබඳව දක්වන අපරාධකාරී නොසැළකිල්ල (criminal negligence), විශාල මුදල් කුට්ටිවලට ඇති ගිජුකම හා විදෙස් ඔත්තුසේවා ක්‍රියාත්මක කරන අවමාන තර්ජන මෙහෙයුම්වලට  (blackmail operations) නොදැනීම හසුවීම (විශේෂයෙන් කාන්තාවන් හා ගණිකාවන් යොදාගෙන සිදුකරන මෙහෙයුම්) නිසා බොහෝ රාජ්‍ය රහස් ඉතා පහසුවෙන් පිටතට යන බවට සාධාරණ සැකයක් ඇතිකර ගත හැක්කේ බොහෝ දුප්පත් රටවල විදෙස් ඔත්තුසේවා ක්‍රියාත්මක වන මොඩලය මෙය බැවිනුයි.

එක් අතකින් රහස් තොරතුරු නොසැළකිලිමත් ලෙස භාවිතා කිරීම නිසා කාර්යාල කාර්ය සහයකයෙකුට පවා ඒවා ඡායාපිටපත් හෝ ඡායාරූපගෙන පිටකල හැකිවීම. හොඳම උදාහරණය ඉන්දීය ඔත්තුසේවා සැපයූ වාර්තාවේ සිංහල පරිවර්තනයේ පිටපත් ප්‍රහරයෙන් පැය කිහිපයක් යන්නට පෙර සමාජ-ජාල තුල සංසරණය වීමයි. අතිශය රහසිගත වාර්තා මෙලෙස පිටවන්නේ එවැනි වාර්තා ලැබෙන පුද්ගලයන් ඉතාමත් නොසැලකිල්ලෙන් ඒවා භාවිතාකිරීම හෝ හිතාමතා පිට කිරීම නිසා නොවේද?

වෙනත් ඕනෑම රටක නම් මෙවැනි වාර්තාවක් පිටකල පුද්ගලයෙකු "treason" හෙවත් රාජද්‍රෝහී ක්‍රියාවක් සිදුකල පුද්ගලයෙකු ලෙස අත් අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිරගතකිරීම හෝ මරණ දඬුවම ලබාදිය හැකියි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ඇමරිකාව හා බ්‍රිතාන්‍යය වැනි රටවලද මෙය ක්‍රියාත්මකයි. නොබෝදා බ්‍රිතාන්‍ය අගමැතිවරිය සමග සිදුකල රහස් සාකච්ඡාවක තොරතුරු හෙලිකලේය යන චෝදනාව මත බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැය කිහිපයක් ඇතුලත තනතුරෙන් පහකොට දැමුවේ රාජ්‍ය ආරක්ෂාව හා ඒ තොරතුරු විහිලුවක් නොවන නිසාමයි.

කෙසේවෙතත්, අඩු වේතන ලබන, නිතරම ඉච්ඡාභංගත්වයෙන් සිටින, සේවයෙන් තෘප්තියක් නොලබන දුප්පත් රටවල නිළධාරීන් විශාල මුදල් කුට්ටි සඳහා තොරතුරු පිට කිරීම මෙන්ම ස්ත්‍රී මාංශයට ඇති ලොල්බව, දුප්පත් රටවල් විදෙස් බුද්ධි අංශ මගින් පාලනයවීමට ප්‍රධාන හේතු වනවා.

එමෙන්ම මෙවැනි රටවල, ලංකාවද ඇතුලුව, විදෙස් බුද්ධි මෙහෙයුම් හඳුනාගැනීම, වැලැක්වීම හා ඔත්තුකරුවන් නිෂ්ක්‍රිය කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රති-බුද්ධි සේවා (counter-intelligence services) හරි හැටි ක්‍රියාත්මක වන්නේ නෑ.

පාස්කු ප්‍රහාරය ගැන චීන ඔත්තුසේවා කල්තියා නොදැන සිටියා විය නොහැකියි.

පාස්කු ප්‍රහාරය ගැන චීන ඔත්තුසේවා නොදැන සිටියා විය නොහැකියි. ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිළධාරින් වැඩිදෙනෙකුට ලැබී තිබුණු ඉන්දියානු RAW අණතුරු ඇඟවීම් චීනය නොදැන සිටියා යයි සිතීම ඉතාමත් අපහසුයි. ඔවුන් දැන සිටියත්, ඒ පිලිබඳව කිසිවක් නොකියා සිටියේ, ඉන් ඇතිවන අස්ථාවරත්වය තමන්ගේ වාසියට හරවා ගන්නටද? යන්න විශාල ප්‍රශ්ණාර්ථයක්.

චීන උපාය එය වූවානම්, එය අතිශයින්ම සාර්ථක බව දැන්මම කියන්නට පුලුවන්.

සයිබර් ඔත්තුසේවා හා සමාජ-ජාල පාළණයට චීන තාක්ෂණය හා තාක්ෂණවේදීන් ලංකාවට.

චීන ඔත්තුසේවා අනුමාන කල පරිද්දෙන්ම පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සමාජ-ජාල හරහා වෛරය පැතිරවූ කී-බෝඩ් විරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා, අන්තර්ජාලය හා සමාජ-ජාල තුල සිදුවන දෑ යාවත්කාලීනව නිරීක්ෂණය කරමින් වෛරීය ප්‍රකාශ, කළකෝලහාලවලට අනුබලදීම් ආදිය වැලැක්වීමට ලංකාව චීන රජයෙන් සහය ඉල්ලා තිබෙන අතර ඉල්ලන පරක්කුවෙන්ම එම සහය ලබාදීමට චීන රජය එකඟවී තිබෙනවා.

මුලුරටෙහිම අන්තර්ජාල ක්‍රියාකාරකම්, සමාජජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කල හැකි තාක්ෂණය, යටිතල පහසුකම් හා පුහුණුවද, පුහුණු චීන තාක්ෂණවේදීන්ද සැපයීමට චීනය එකඟවුනේ ඉතාමත් කැමැත්තෙන් බවයි වාර්තාවන්නේ.

මේ සඳහා රුපියල් බිලියන 5ක් වටිනා මෘදුකාංග හා තාක්ෂණික උපකරණ චීනයෙන් ලැබෙනවා.

එමෙන්ම, ශ්‍රි ලංකා ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීම සඳහා තවත් රුපියල් බිලියන 2.6ක උපකරණ හා අවිආයුධ ලබාදීමටත් චීනය එකඟවී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වටිනා ජීප් රථ 100ක් හා වෙනත් උපකරණ දැනටමත් චීනයෙන් ලැබෙමින් තිබෙනවා.

එහෙම බලනකොට, හැම ඩොලර් එකකටම කේවල් කරන, පරණ නැවක් වැනි ආධාර පමණක් අපිට දෙන, ඩොලර් එකක් දීලා, සීයක රිටන් එකක් ඉල්ලන, ආවොත්-එන හැම රටක්ම වැනසෙන කුම්මැහි ඇමරිකන්කාරයින්ට වඩා චීනා ඇත්තටම ලංකාවේ හිතවතෙක්.


Comments

  1. දැන සිටියා නම් Chinese Scientists 4 දෙනෙක් මැරෙනකම් බලාගෙන ඉදිවිද?
    කපිල හෙන්දාවිතරන චීනෙට ඔත්තු දෙන එක අහුවුනා ඔත්තුව අනුව රාජපක්ශලා ඇමරිකාවට ඕන දෙයක් දෙන්න පොරොන්දු වෙලා බලය ලබා ගැනීම සදහා

    ReplyDelete

Post a Comment