BUSINESS / TECHNOLOGY : චීන අධිතාක්ෂණික සමාගම්වලට වැට බැඳීම ඇමරිකාවේ තාක්ෂණ නායකත්වය කඩාවැටීමට හේතුවනු ඇත!


වොෂිංටනය බියපත්කල Made in China 2025 පිඹුරුපත

වොෂිංටනය, චීනයේ තාක්ෂණික සමාගම් ඉලක්ක කිරීම හා චීනයේ තාක්ෂණික ප්‍රගමණය අඩාලකිරීමට පිඹුරුපත් සකස්කරන්නට පටන්ගත්තේ 2015දී චීනය Made in China 2025 ප්‍රතිපත්ති මාළාව එලිදැක්වීමෙන් පසුව බව විචාරකයින් පවසනවා.

මේ සමගම සබැඳුනු 2030 වනවිට කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ඉහලම රට බවට පත්වීමට චීනය සැකසූ සැලස්ම වොෂිංටන් දේශපාලකයින් හා පෙන්ටගනයේ ආරක්ෂක ප්‍රධානීන් සැලකුවේ ඇමරිකාවේ තාක්ෂණික නායකත්වය (technological leadership of USA) බිඳවට්ටන්නට චීනය දරන තැතක් ලෙසයි. එහෙත් එවැනි අවස්ථාවකදී තමන්ගේ රටේ තාක්ෂණය ඉහල නංවාගන්නට වෙනත් ඕනෑම රටක් උත්සහ ගත්තත්, මුග්ධ ඇමරිකාව, සිය ආර්ථිකමය බලය උපයෝගීකරගෙන චීනයේ වඩාත්ම සාර්ථක අධිතාක්ෂණික සමාගම් ඉතාමත් නිර්ලජ්ජීලෙස හිතා මතා බිඳ වැට්ටවීමට උත්සහ කරනවා.

කෙසේ වෙතත් ඇමරිකාවේම ආර්ථික විශ්ලේෂකයින් හා විද්වතුන් ප්‍රකශ කරන්නේ මේ වැඩ පිලිවෙල චීනයට වඩා ඇමරිකාවේ අධිතාක්ෂණික සමාගම් වල අනාගතය අඳුරුකිරීමට හේතුවිය හැකි බවයි.

ඇමරිකාවේ බොහෝ සමාගම් හා ලෝකයේ වෙනත් තාක්ෂණික හා කාර්මික සමාගම් ඉතා විශාල ආයෝජනයන් සිදුකරමින් චීනය හා බැඳුනු ගෝලීය සැපයුම් දාමයක් සකසාගෙන සිටින අතර සිය සමාගම්වල සාර්ථකත්වය එම සැපයුම් දාමය හා බද්ධකරගෙන සිටිනවා. ඇමරිකාවේ මේ අත්තනොමතික ප්‍රතිපත්තිය, ආර්ථික හා ව්‍යාපාරික උපක්‍රමීය වශයෙන් වැදගත් සැපයුම් දාමය කඩාබිඳ දැමීමට හේතුවන බවයි ඔවුන් පවසන්නේ.

විශේෂයෙන්ම ඇමරිකාවේ අධිතාක්ෂණික ලෝකයේ හිනිපෙත්තේ සිටින ඇපල්, මයික්‍රොසොෆ්ට්, එන්විඩියා, ඒ.එම්.ඩී, ක්වල්කොම්, මයික්‍රෝන්, සිලියන්, ඉන්ටෙල් වැනි සමාගම්වලට මේ අඥාණ ප්‍රතිපත්තිය නිසා සිය වෙළඳපොල පංගු අහිමිවීමේ ප්‍රවනතාවයක් තිබෙනවා.

5G උපකරණ හදන එකම සමාගමක් වත් නැති ඇමරිකාව

ජනාධිපති ට්‍රම්ප් ඇමරිකන් සමාගම් සිය 5G තාක්ෂණ නිෂ්පාදන වේගවත් කල යුතුබවත්, අඩුමිල 5G තාක්ෂණ මෙවලම් හඳුන්වාදීම කලයුතු බවත් නොබෝදා පවසා සිටියා.

එහෙත් සෑබෑවටම ගත්විට 5G තාක්ෂණයේ සෙලියුලර් සන්නිවේදන මෙවලම් තැනීමේ හැකියාව කිසිදු ඇමරිකන් සමාගමකට ඇත්තේ නෑ. ලොව 5G හා 4G සෙලියුලර් සන්නිවේදන උපකරණ වෙළඳපොලෙන් 65%ක්ම සමාගම් 4ක් සතුවනවා. ස්වීඩනයේ එරික්සන්, ෆින්ලන්තයේ නොකියා හා චීනයේ හුවාවී හා ZTE සමාගම් මේ ප්‍රධාන සමාගම් 4යි. මෙම සමාගම් අලෙවිකරණ 4G/5G සෙලියුලර් තාක්ෂණ මෙවලම් වල අභ්‍යන්තරයේ ඇමරිකාවේ සිස්කෝ වැනි සමාගම් වල තාක්ෂණය තිබුණත් සෙලියුලර් සම්ප්‍රේෂණ, ග්‍රාහක උපකරණ සෑදිය හැකි එකම ප්‍රධාන පෙලේ සමාගමක් වත් ඇමරිකාවවේ නැති බව සත්‍යයක්.

එමෙන්ම නොකියා හා එරික්සන් උපකරණවලට වඩා හුවාවී හා ZTE සමාගම්වල උපකරණ මිලෙන් අඩු අතර හුවාවී සමාගමේ 5G තාක්ෂණය නොකියා හා එරික්සන් සමාගම් සතුව පවා නොමැති බවයි විශේෂඥයින් පවසන්නේ. වයර්ලස් සෙලියුලර් තාක්ෂණය ඇමරිකාවේ සන්නිවේදන තාක්ෂණ පරිසරයේ දුර්වලම අශය බව තතු දත්තන් පවසනවා.වසර 30කට පෙර සෙලියුලර් තාක්ෂණය ලොවට හඳුන්වා දෙනකාලයේ ඇමරිකාවේ ලූසන්ට්, මෝටොරෝලා වැනි සමාගම් එම තාක්ෂණයේ හිනිපෙත්තේ සිටියත් කාළයාගේ ඇවෑමෙන් එම සාමාගම් වියැකී ගොස් තිබෙනවා.

මේ වනවිට එරික්සන් හා නොකියා සෙලියුලර් තාක්ෂණයේ ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ වෙළඳපොල පංගුව පිලිවෙලින් 17%ක් හා 12%ක් වන අතර හුවාවී සමාගම ගෝලීය සෙලියුලර් සන්නිවේදන උපකරණ වෙළඳාමේ 34%ක පංගුවකට හිමිකම් කියනවා. ZTE සමාගම 8% පමණ වෙළඳපොල පංගුවක් හිමිකරගෙන සිටින අතර කොරියාවේ සැම්සුන්ග් සමාගම අලුතින්ම මේ වෙළඳපොලට ඇතුලුවූ සමාගමක්.


චීන වෙළඳපොලට කැස්සක් හැදෙනවිට උණගන්නා ඇපල්

චීනයේ අලෙවිය පසුබාන විට එයින් ඇමරිකන් සමාගම් වලට ඇති බලපෑම කොතරම්ද යන්නට හොඳම උදාහරණය වන්නේ ඇමරිකාවේ අධිතාක්ෂණිත තරුවක් වන ඇපල් සමාගමයි. හුවාවී කළබැගෑනිය කරලියට එන්නට මත්තෙන් ඇපල් සමාගම මෑත ඉතිහාසයේ නිකුත්කල පලමුවැනි ආදායම් කඩාවැටීමේ අණතුරු ඇඟවීම නිකුත්කල අතර එයට හේතුලෙස දක්වා සිටියේ ඒ වනවිට චීනයේ ඇතිවෙමින් තිබූ ආර්ථික වර්ධන මන්දගාමිත්වයයි. දැන් ඇමරිකාව හුවාවී සමාගමට දඬුවම් කිරීමත් සමගමම මේ තත්වය වඩාත් දරුණු වනු ඇතැයි වෙළඳපොල විචාරකයින් පවසන්නේ ඇමරිකානු ප්‍රතිපත්තිය නිසා කෝපයට පත් චීන ජනතාව ඇපල් වැනි ඇමරිකානු භාණ්ඩ ප්‍රතික්ශේප කිරීමට ඇති ප්‍රවනතාවය නිසායි.

එමෙන්ම හුවාවී සමාගමට සිදුකරන අසාධාරණ දඬුවම් කිරීමට එකට එක කිරීමක් ලෙස චීනය ඇපල් සමාගමට සම්බාධකයක් පැනවුව හොත් ඇපල් සමාගමේ ආර්ථිකමය කඩා වැටීමක් සිදුවීම අනිවාර්ය බවයි පැවැසෙන්නේ. චීනය ඇපල් නිෂපාදන තහනම් කලහොත් ඇපල් සමාගමේ වාර්ෂික ආදායමෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම අහිමිවී යන බවයි ඇපල් සමාගම පවසන්නේ. ඒ තරමටම චීනය තුල අයිෆෝන් අලවිය ඇමරිකන් ඇපල් සමාගමට වැදගත් වනවා.

හුවාවී හදන ෆෝන් වල, කොම්පියුටර්වල තියෙන ඇමරිකන් උපාංගවල කළදසාව

හුවාවී සමාගම චීනයේ මෙන්ම ලෝකයේද ප්‍රධාන පෙලේ සෙලියුලර් දුරකථන, සෙලියුලර් සන්නිවේදන උපකරණ හා පරිගණක නිපදවන සමාගමක් වන අතර මේ සියලු උපාංගතුල ඇමරිකාවේන් ආයනයනය කරන තාක්ෂණය අඩංගුයි. සැබවින්ම ගත්කල, චීනය බොරතෙල් ආනයනයට වඩා විශාල මුදලක් ඇමරිකාවෙන් මයික්‍රෝප්‍රොසෙසර් ආදී තාක්ෂණික උපාංග ආනයනයට වැය කරනවා.

ක්වල්කොම් ප්‍රොසෙසර්
මයික්‍රෝන් මෙමරි
ඉන්ටෙල් ප්‍රොසෙසර්
එන්විඩියා ග්‍රැෆික් ප්‍රොසෙසර්
සිස්කෝ රව්ටර් තාක්ෂණය
සිලියන් සන්නිවේදන තාක්ෂණය
බ්‍රෝඩ්කොම් සෙලියුලර් මොඩෙම් තාක්ෂණය
මයික්‍රොසොෆ්ට් මෘදුකාංග
ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග

ආදී ඇමරිකන් සමාගම් රැසක භාණ්ඩ හුවාවී  අලෙවිකරන සියලුම උපාංග තුල තිබෙනවා. හුවාවී හා ට්‍රම්ප්ගේ අලුත්ම ඉලක්ක බවට පත්වී ඇති හික්විෂන්, ඩැහුවා වැනි සමාගම්වලට මේවා නිෂ්පාදනය කරගත නොහැකිවුන විට වැඩියෙන්ම පහර වදින්නේ ඇමරිකන් සමාගම් වලට බව ඇමරිකන් තාක්ෂණික සමාගම් වොෂිංටනය නිළවශයෙන් දන්වා තිබෙනවා.

Comments