Audi reveals their Formula One car livery design for 2026 | 2026 ෆෝමියුලා වන් තරඟාවලියට එකවන අව්ඩි සිය වර්ණ සැලැස්ම එලිදක්වයි
නොවැම්බර් 12 වැනිදා මියුනිච් හි පැවති එළිදැක්වීමේ උත්සවයකදී අව්ඩි සමාගම සිය R26 Concept ලෙස නම් කර ඇති රිදී, ලුමිනස් තැඹිලි සහ කළු වර්ණ සැකැස්මක් ඇති 2026 Formula One Seasonසඳහා සිය නව දෘශ්‍ය අනන්‍යතාවය ඉදිරිපත් කලා. අව්ඩි ෆෝමියුලා වන් තරඟවලට එක්වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව පලමු වතාවට වීම විශේෂත්වයක්.
2025 ෆෝමියුලා වන් තරඟාවලියේදී Kick Sauber ලෙස තරග කරන ස්විට්සර්ලන්තයේ සෝබර් ෆෝමියුලා 1 කණ්ඩායම, 2026 සිට පූර්ණ Audi F1 කණ්ඩායම බවට පරිවර්තනය වනු ඇත. වොක්ස්වැගන් සමූහයේ සන්නාමයක් වන Audi, 2022 දී එන්ජින් නිෂ්පාදකයෙකු සහ කණ්ඩායම් හිමිකරුවෙකු ලෙස ෆෝමියුලා 1 සඳහා පිවිසෙන බව නිවේදනය කළ අතර, එයට පිවිසුමක් ලෙස මුලින් සෝබර් හි 25% ක කොටස් අත්පත් කර ගත්තේය.
මෙය 2025දී 100% ක් සම්පූර්ණ අත්පත් කර ගැනීමක් දක්වා වර්ධනය වූ අතර, එමගින් ෆෝමියුලා රථ නිර්මාපකයෙකු (Formula One Constructor) ලෙස ෆෝමියුලා වන් තරඟාවලියට එක්වීමේ වරම අව්ඩි සමාගම හිමිකර ගත්තා.
ආරම්භක Audi කණ්ඩායම සඳහා මේ වන විට කික් සෝබර් කණ්ඩායමේ ධාවකයින් ලෙස ක්‍රියාකරන ජර්මන් ජාතික නිකෝ හල්කන්බර්ග් සහ බ්‍රසීල ජාතික ගේබ්‍රියෙල් බොර්ටොලෙටෝ අව්ඩි වෙනුවෙන් 2026දී තරඟවදිනු ඇතැයි සමාගම නිවේදනය කර තිබෙනවා.
මීට පෙර අව්ඩි සන්නාමය මෝටර් රථ ධාවන තරඟවලට එක්වූයේ 1935-1939 තරම් අතීතයේ වන අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු නූතන ෆෝමියුලා තරඟ ක්‍රමය නිර්මාණය කිරීමෙන් පසු අව්ඩි සන්නාමය ෆෝමියුලා තරඟ සඳහා එක්ව නෑ.


Comments
Post a Comment