What is Formula 1? | අලුත් F1 ෆෑන්ස්ලා වෙනුවෙන්

 

Formula 1 මෝටර් රථ ක්‍රීඩාවට අලුතෙන් සම්බන්ධවූ F1 ලෝලියෙක් නම්  වසරක් පාසා ලොව පුරා ධාවනපථ ගණනාවක පවත්වන මෙම අධිවේගී ධාවන තරඟ මාළාව පිලිබඳව අවබෝධය අඩු තැන් තිබෙන්නට පුලුවන්. 

මේ ගැටලු හැකිතාක් නිරාකරණය කරගැනීමට F1 ශූරතාව බිහි වූ ආකාරය, තරග පැවැත්වෙන ධාවන පථ, රියදුරන් සහ ධාවන කණ්ඩායම් පිළිබඳව මූලික කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

ෆෝමියුලා වන් යනු මෝටර් රථ ධාවන තරගවල හිනිපෙත්ත වන අතර, ලෝකයේ වඩාත්ම වේගවත්, වඩාත්ම තාක්ෂණිකව සංකීර්ණ, ධාවකයින්ට දැඩිම පීඩනයක් එල්ලවන, ඉතාමත් අණතුරු දායක, ඕනෑම මොහොතක ඉතා බිහිසුණු අණතුරක් විය හැකි, ඒ නිසාම ධාවන තරඟ ලෝකයේ කීර්තිමත්ම මෝටර් රථ ධාවන තරගයයි.
ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන තරඟමාලාවට සමාන කල හැකි ධාවන තරඟයක් ලෝකයේ නෑ.

ෆෝමියුලා වන් රියදුරෙකු අධික රස්නය මෙන්ම දැඩි මානසික පීඩනය නිසාම එක් තරඟකදී කිලෝග්‍රෑම් 3ක් පමණ දහදිය දැමීම නිසා බර අඩුවෙන බව කිවහොත් ඔබ විශ්වාස කරනවාද?

F1 is a Team Sport

ෆෝමියුලා වන් තරඟවල කීර්තිය මෙන්ම අවධානය රියදුරන්ට ලැබුනත්, එය සැබැවින්ම අතිශයින්ම කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස (team sport) නම් කරන්න පුලුවන්. 

පැය 24ම ගතකරමින් තරඟයට කාර් රථය සූදානම් කරන ඉන්ජිනේරුවන් හා තාක්ෂණ වේදීන්, තරඟයට පෙර හා තරඟය පවත්වන අවස්ථාවේ රියදුරන් සිදුකලයුතු දෑ පිලිබඳව පූර්ව සැලසුම් කරමින් සිටින උපක්‍රමවේදීන් කණ්ඩායම (strategy team), තත්පර දෙකකට අඩු කාලයකදී රථයේ රෝද 4ම මාරු කිරීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින ගරාජ් කණ්ඩායම (pit crew). රියදුරන් තරඟයට සූදානම් කරන කණ්ඩායම (track-side team) හා කණ්ඩායමට ආයොජකයින්, දැන්වීම් කරුවන් හා වෙනත් ව්‍යාපාරික සහය කණ්ඩායම් ආකර්ෂණය කරගන්නා අලෙවිකරණ හා සන්නාමකරන (marketing and branding team) කණ්ඩායම ආදී කණ්ඩායම් රාශියක් සෑම ෆෝමියුලා වන් සන්නාමයක් පිටුපසම සිටිනවා.

F1 Drivers are like Fighter Pilots

එමෙන්ම රියදුරන් සම්බන්ධයෙන් ගත් කල, ෆෝමියුලා වන් රියදුරන් සාමාන්‍ය මෝටර් රථ ධාවකයන්ට වඩා ප්‍රහාරක ජෙට් යානා නියමුවන් වැනිය. ඔවුන් පැයට කිලෝමීටර් 370කට වැඩි වේගයකින් ධාවන කරන අතර ජෙට් නියමුවන්ට මෙන් අධික G-Force බලයන්ට මුහුණ දෙති. මේ අතර, ඔවුන් අනෙකුත් රියදුරන් ගැන සොයා බලමින්ම, උපාය මාර්ග කණ්ඩායමෙන් ලැබෙන උපදෙස්වලට සවන් දෙමින් සිය ධාවනය අනුවර්තනය කරගත යුතුය. එමෙන්ම ෆෝමියුලා වන් රථයක අධික රස්නයටද ඔවුන් මුහුණ දිය යුතු අතර සාමාන්‍යයෙන් ෆෝමියුලා වන් රියදුරෙකු අධික රස්නය මෙන්ම දැඩි මානසික පීඩනය නිසාම එක් තරඟකදී කිලෝග්‍රෑම් 3ක් පමණ දහදිය දැමීම නිසා බර අඩුවෙයි.

There are two championships to win in each F1 season

වාර්ශික ෆෝමියුලා වන් ධාවන තරඟ මාලාවකම ප්‍රධාන කුසලාන දෙකක් සඳහා කණ්ඩායම් තරඟ වදිනවා. රියදුරන් ෆෝමියුලා වන් ධාවක ශූරතාවයට (F1 Drivers Championship) තරඟවදින අතර කණ්ඩායම් සමූහවශයෙන් ෆෝමියුලා වන් නිශ්පාදක ශූරතාවය (F1 Constructors Championship) වෙනුවෙන් තරඟවදිනවා.

කන්ස්ට්‍රක්ටර්ස් චැම්පියන්ශිප් ශූරතාවය තරඟාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් දිනාගන්නා කණ්ඩායමට හිමිවන අතර ඩ්‍රයිවර්ස් චැම්පියන්ශිප් වැඩිම ලකුණු ගන්නා රියදුරා දිනාගන්නවා.

Each race is called a Grand Prix

සෑම ෆෝමියුලා වන් තරගයක්ම ග්‍රෑන්ඩ් ප්‍රී (Grand Prix) නමින් හැඳින්වෙන අතර, ඒවා ලොව පුරා විස්මිත ස්ථානවල පවත්වනු ලැබේ. ප්‍රික්ස් යනුවෙන් ලියුවද, එය ප්‍රී යනුවෙන් ශබ්ද කරන අතර ග්‍රෑන්ඩ් ප්‍රී යනු ප්‍රංශ භාශාවෙන් අතිවිශිෂ්ඨ ත්‍යාගය (Grand Prize) යන අර්ථය දෙනවා.

There are 24 Grand Prix Races in 2025

සෑම ෆෝමියුලා වන් තරඟයක්ම සති අන්තයක (Race Weekend) පැවැත්වෙන අතර 2025 ෆෝමියුලා වන් ධාවන තරඟ කැලැන්ඩරයේ ධාවන තරඟ විවිධ රටවල්වල ධාවන පථ 24ක පැවැත්වෙනවා. එම තරඟ නිළ වශයෙන් FIA Formula One Grand Prix තරඟ ලෙස හඳුන්වනවා. 

තරඟ සෑම වසරකම මාර්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා පැවැත්වෙන අතර එම තරඟ අතර ප්‍රධාන තරඟ 24කුත්, ස්ප්‍රින්ට් රේස් (Sprint Race) ලෙසින් හැඳින්වෙන කෙටි ධාවන තරඟ 6කුත් පැවැත්වෙනවා.

How many drivers and how many teams?

Formula 1 ධාවන තරගාවලි සඳහා, කණ්ඩායම් 10ක් සහ ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරන රථ ධාවකයින් 20 දෙනෙක් සහභාගී වනවා. සෑම ෆෝමියුලා වන් කණ්ඩායමකටම කාර් රථ දෙකක් තරඟයට ඉදිරිපත් කරන්න පුලුවන්.

2026සිට තරඟාවලියට 11 වැනි කණ්ඩායමක්ද එක්වන්නට නියමිත අතර එය ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමේ කැඩිලැක් සන්නාමය නියෝජනය කරන ෆෝමියුලා වන් කණ්ඩායම බවට නිවේදනය කර තිබෙනවා.

2025 ෆෝමියුලා වන් රථ ධාවන ශූරීන් අතර ලුවිස් හැමිල්ටන්, මැක්ස් වෙස්ටැපන් සහ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ විශාල ජයග්‍රහණ ලබා සිටින ලෝක ශූර ධාවකයින් මෙන්ම කිමි ඇන්ටොනෙලි, ඔලිවර් බෙයාර්මන් සහ ගේබ්‍රියෙල් බොර්ටොලේටෝ වැනි පළමු වතාවට F1 වාරයට එක්වන නවක ධාවකයින් දක්වා විවිධ පරාසයක අත්දැකීම් ඇති ධාවකයින් එක්ව සිටිනවා.

Current Season F1 Teams and Drivers

මෙම කණ්ඩායම් අතරින් මේ වන විට වැඩිම ලකුණු සංඛ්‍යාවක් දිනාගෙන ඉදිරියෙන්ම සිටීමට මැක්ලරන් ෆෝමියුලා වන් කණ්ඩායම සමත්ව සිටින අතර මැක්ලරන් කණ්ඩායමේ ධාවන ශූරී ලැන්ඩෝ නොරිස් (Lando Norris) ඉහලම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඉදියෙන්ම සිටිනවා. 

දෙවැනි තැන මැක්ලරන් කණ්ඩායමේ දෙවැනි ධාවකයා වන ඔස්කා පියැස්ට්‍රි (Oscar Piastri) හිමිකර ගෙන සිටින අතර තුන්වැනි තැන මේ වන විට රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වෙස්ටැපන් (Max Verstappen) සිටිනවා.


2025 Formula One Race Circuits

2025 ෆෝමියුලා වන් තරඟාවලිය 2025 මාර්තු 16 දින ඔස්ට්‍රේලියාවේ ඇල්බර්ට් පාර්ක් ධාවන පථයෙන් ඇරඹුනු අතර අවසාන තරඟය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යෑස් මරීනා ධාවන පථයේදී 2025 දෙසැම්බර් 7 වැනිදා පවත්වනු ඇත.



END OF PART ONE | පලවෙනි කොටසේ අවසානය


මේ ලිපියේ මීලඟ කොටසින්;

1. Structure of a F1 weekend - F1 ධාවන තරඟයක් සංවිධානය කෙරෙන ආකාරය
2. Full Race and Sprint Race - පූර්ණ තරඟය හා ස්ප්‍රින්ට් තරඟ අතර වෙනස
3. Why are these races called Formula? - ෆෝමියුලා තරඟ ලෙස මේවා හඳුන්වන්නේ ඇයි?
4. Basic tech of a F1 car - F1 රථයක මූලික තාක්ෂණ තොරතුරු කෙටියෙන්
5. Who manages these races? F1 and FIA - ෆෝමියුලා තරඟ සංවිධායක හා නියාමන ආයතනය 


Comments