දැඩි කාලගුණික සිදුවීම්වල වාර ගණන සහ දරුණු බව වැඩිවීමත් සමඟම, නිවැරදි අනාවැකිවල ඇති අවශ්‍යතාවය තීව්ර වී ඇති අතර, ඉතා නිරවද්‍ය ලෙස අනාවැකි පලකිරීමට හැකිවීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බවට පත්වී තිබෙනවා.
කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ නව තාක්ෂණයන් මෙම අනාවැකි තවදුරටත් වැඩි දියුණු කිරීමට හැකි බව මේ වනවිට කාළගුණ අණාවැකි වාර්තා පලකිරීම සිය ව්‍යාපාරය බවට පත්කර ගත් සමාගම් සමත්ව තිබෙනවා. The Weather Company එවැනි සමාගමක්. The Weather Channel හා Weather Underground (Wunderground) සමාගමේ ප්‍රධාන සේවාවන් වනවා.
දශක හතරකට වැඩි කාලයක් සංකීර්ණ භෞතික විද්‍යාව, සංඛ්‍යාන ආකෘති සහ දත්ත මත පදනම් වූ ක්‍රියාවලීන් මගින් අනාවැකි පලකල The Weather Company, මෑතකදී ගැඹුරු ඉගෙනුම් AI තාක්ෂණික ක්‍රම සමඟ ඒකාබද්ධ වූ නව පරිගණක තාක්ෂණයන් යොදාගනිමින් සිය අනාවැකි සේවා වඩාත් නිවැරදි හා වේගවත් කිරීම අරඹා තිබෙනවා.
මෙම පරිවර්තනය හේතුවෙන්, එහි ආසන්නතම තරඟකරුට වඩා සිව් ගුණයකින් වැඩි නිවැරදි අනාවැකි ලබා දීමට එම සමාගම සමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
විශාල දත්ත ප්‍රමාණයක් සැකසීමට සහ මිනිස් විද්‍යාඥයන්ට මගහැරිය හැකි තොරතුරු හා කාළගුණ රටා සොයා ගැනීමට ඇති හැකියාව මගින් අනාවැකි වඩාත් නිරවද්‍ය කිරීමට වෙදර් කම්පණි භාවිතා කරන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට හැකියාව තිබෙනවා.
WxMix (short for Weather Mix) ලෙස හැඳින්වෙන කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිදමයක් මෙම කාළගුණ අනාවැකි පලකිරීමේ පාදම ලෙස ක්‍රියාකරනවා. ගෝලීය කාලගුණ අනාවැකි ආකෘති 150ක් පමණ විසින් ජනනය කරන සවිස්තරාත්මක අනාවැකි වේගයෙන් විශ්ලේෂණය කර, ඉන් නිවැරදිම අනාවැකි ව්‍යුත්පන්න කරගැනීමට මෙම ඇල්ගොරිදමය සමත් බවයි වාර්තා වෙන්නේ.
හොඳම මිනිස් කාලගුණ විද්‍යාඥයින්ට වඩා වේගයෙන්, කාලගුණ මධ්‍යස්ථාන සිය ගණනක්, කාලගුණ බැලූන සහ චන්ද්‍රිකා දත්ත මගින් ජනනය වන දැවැන්ත දත්ත ප්‍රවාහ (streaming data) ප්‍රමාණයෙන් විශ්ලේෂණය කරමින් වඩාත්ම අත්‍යවශ්‍ය අනාවැකි තොරතුරු හඳුනාගැනීමට කිරීමට WxMix AI තාක්ෂණය හැකියාව ඇත.
තාක්ෂණය කෙතරම් වේගවත් හා දියුණු වුවත් The Weather Company විසින් Human-Over-the-Loop ක්‍රමවේදය භාවිතා කරන අතර, WxMix ඇල්ගොරිදමය ව්‍යුත්පන්න කරන අනාවැකි කාළගුණ විද්‍යාඥයින් විසින්ද යලි විශ්ලේෂණය කිරීමේන් පසුව පමණක් සේවා ලාභීන් වෙත නිකුත් කරනවා.
AI ආකෘතිවල (models) විභේදන හැකියාව (resolution) කිලෝමීටරයක් හෝ ඊට අඩුවෙන් හැකිලීම මගින් ඒවා සැලකිය යුතු ලෙස වඩාත් කැටික (granular) කිරීම ඉලක්කයයි.
වෙදර් කම්පණි වැනි සමාගම් වල ඉලක්කය වන්නේ WxMix වැනි ඇල්ගොරිදම් වලට සිය අනාවැකි හැකියාව වර්ග කිලෝමීටරයක් වැනි කුඩා වපරිසයක අනාවැකි පල කිරීම තෙක් වැඩි දියුණු කිරීමයි.
එමගින්, ක්‍රීඩා තරඟයක් පැවැත්වෙන ක්‍රීඩංගණය තිබෙන ස්ථානයේ කාළගුණය කෙසේ විය හැකිදැයි ඉතාමත් සූක්ෂ්මව පැවසීම වැනි ඉතා ප්‍රායෝගික හා වාණිජමය කටයුතු සඳහා මෙම අනාවැකි පලකිරීම භාවිතා කරන්න පුලුවන්.

Comments
Post a Comment