Formula One (F1) champion fires back at Ferrari chairman John Elkann's criticism of drivers

 

F1 ශූරතාවය 2009දී දිනාගත් ජෙන්සන් බටන්, ෆෙරාරි සභාපති ජෝන් එල්කාන් විසින් සිය කණ්ඩායමේ රියදුරන්ට, විශේෂයෙන්ම ලුවිස් හැමිල්ටන් ඉලක්ක කරගෙන එල්ල කළ විවේචනයට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ෆෙරාරි Formula One කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වෙමින් තිබෙන අතර පසුගිය සති අන්තයේ පැවති සාවෝ පවුලෝ ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේදීද ඉදිරියෙන් සිටින මැක්ලරෙන්, මර්සෙඩීස් හා රෙඩ්බුල් කණ්ඩායම් වලට අභියෝගයක් වීමට අසමත් වූ අතර, ඔවුන්ගේ ධාවකයින් වන චාල්ස් ලෙක්ලර් හා ලුවිස් හැමිල්ටන් පැදවූ ෆෙරාරි රථ දෙකම එකම ලකුණක් හෝ ලබාගැනීමට අසමත් වුනා.


අඛණ්ඩ අසාර්ථකවීම් හේතුවෙන් ෆෙරාරි F1 කණ්ඩායම තුළ විවිධ මත ගැටුම් උත්සන්න වෙමින් තිබෙන අතර තරගයෙන් පසු ඉතාලි මාධ්‍ය වෙත අදහස් දැක්වූ එල්කාන්, ලුවිස් හැමිල්ටන් සහ චාල්ස් ලෙක්ලර්ක් "රිය පැදවීම කෙරෙහි අවධානය යොමු කර අඩුවෙන් කතා කළ යුතු" බව පවසා තිබෙනවා. 

නිරීක්ෂකයින් පවසන්නේ මෙම චෝදනාව විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ධාවන ශූරී ලුවිස් හැමිල්ටන් ඉලක්ක කරගෙන පැවසූ බවයි.

ලුවිස් හැමිල්ටන් ෆෝමියුලා වන් ධාවක ශූරතාව හත් වතාවක් දිනා ඇති අතර, ඉන් එක් වරක් මැක්ලරන් වෙනුවෙන් ද ඉතිරි හය වතාව ටෝටෝ වුල්ෆ්ගේ නායකත්වය යටතේ මර්සිඩීස් වෙනුවෙන් ද තරග කර ජයග්‍රහණය කලා. 

කෙසේ වෙතත්, ෆෙරාරි කණ්ඩායමට එක්වීමෙන් පසු ඔහු දිගින් දිගටම අසාර්ථක වෙමින් තිබෙන අතර, ෆෙරාරී ෆෝමියුලා වන් රථය ධාවනයට ඉතා අපහසු බවත්, ඔහු විසින් ලබාදෙන යම් යම් උපදෙස් හා අදහස් ෆෙරාරි ඉන්ජිනේරුවන් තැකීමක් නොකරන බවත් හැමිල්ටන් විවිධ අවස්ථාවල මැසිවිලි නගා තිබෙනවා.

ඉන්ස්ටග්‍රෑම් හි අදහස් දක්වමින් ජෙන්සන් බටන්, එල්කාන්ට විවේචනයක් එල්ල කරමින් මෙසේ සඳහන් කළේය: "Maybe John should lead by example."

ෆෙරාරී ෆෝමියුලා වන් කණ්ඩායමේ අභ්‍යන්තරයේ තිබෙන ආයතන සංස්කෘතිය (corporate culture) ඉතාලි ඉංජිනේරුවන් වටා නිර්මාණය වී තිබෙන අතර. ෆෙරාරි ඉතාලියානුවන් ඉතා ආඩම්බර බවත්, ඔවුන් ඉතාලි නොවන රියදුරන්ගේ යෝජනා කිසිලෙසකින් වත් මායිම් නොකරන් බවත්, වෙනත් කණ්ඩායම් වල දක්ෂතා දැක්වූ ෆෝමියුලා වන් රියදුරන් ෆෙරාරි කණ්ඩායම තුල අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙය බවත් F1 නිරික්ෂකයින් අදහස් දක්වනවා.

Comments