Ford CEO says Tesla / BYD teardowns revealed major inefficiencies | ටෙස්ලා, BYD වාහන ගලවා බලනකොට අපිට ලැජ්ජා හිතුනා - ෆෝඩ් CEO


ෆෝඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් ෆාර්ලි, තම සමාගම විසින් ටෙස්ලා මොඩල් 3 (Tesla Model 3) සහ චීන BYD විදුලි වාහන (EV) වෙන් වෙන් වශයෙන් ගලවා පරීක්ෂා කිරීමේදී  (teardown) ෆෝඩ් වාහනවල අතිවිශාල අකාර්යක්ෂමතා සොයා ගැනුනු බව ෆෝඩ් ප්‍රධාන විධායක නිළධාරී පවසනවා.

මෙම අකාර්යක්ෂමතා නිසා ෆෝඩ් ප්‍රධාන ඉන්ජිනේරුවන් කොතරම් තිගැස්මකට පත්වූවාද යත්, ෆෝඩ් සමාගමේ විදුලි වාහන වැඩසටහන සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට ඔවුන් යෝජනා කල බව ඔහු පවසනවා.
උදාහරණයක් ලෙස ටෙස්ලා Model 3 රථයකට සංසන්දනය කල විට ෆෝඩ් සමාගමේ Mustang Mach-E රථයේ ටෙස්ලා මොඩල් 3 රථයට වඩා ආසන්න වශයෙන් කිලෝමීටර් 1.6ක් (සැතපුම් 1ක්) වැඩි විදුලි රැහැන් ප්‍රමාණයක් අඩංගු බව දැන ගැනීමෙන් ෆෝඩ් ප්‍රධානියා ලෙස තමන් දැඩිලෙස කම්පණයට පත්වූ බව පවසනවා.
ෆෝට් ඉලෙක්ට්‍රික් රථයක කිලෝමීටර් 1.6ක් දිග අමතර රැහැන් තිබෙන ලෙස නිර්මාණය කිරීමෙන් තඹ රැහැන් වලට යන වියදමට අමතරව රථයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම මෙන්ම වඩාත් බලවත් බැටරියක් සවිකිරීමට සිදුවීමද රථයේ නිෂ්පාදන පිරිවැය ටෙස්ලා මොඩල් 3 වඩා වැඩිවීමට හේතුවී තිබෙනවා.
ෆෝඩ් සමාගමේ විදුලි වාහන නිර්මාණ අංශය Model E ලෙස හඳුන්වන අතර එය 2022දී ජිම් ෆාර්ලී විසින්ම ඇරඹූවක්. 2023දී එය ඩොලර් බිලියන 4.7ක් පාඩු ලැබූ අතර 2024දී පාඩුව ඩොලර් බිලියන 5.1 දක්වා වැඩිවූවා.
ඉගෙනගත් පාඩම් සමඟින්, ෆෝඩ් සමාගම Universal EV Platform සම්පූර්ණයෙන්ම නැවත සැලසුම් කර ඇති අතර, 2027 දී දියත් කිරීමට නියමිත, ඩොලර් 30,000ක් පමණ මිලැති මධ්‍යම ප්‍රමාණයේ පිකප් ට්‍රක් රථයකින් පටන් ගෙන, කුඩා හා වඩා දැරිය හැකි විදුලි වාහන නිෂ්පාදනය කරනු ඇතැයි ෆාර්ලි පවසනවා.
එමෙන්ම චීනයේ CATL සමාගමේ පේටන්ට් තාක්ෂණයෙන් නිර්මිත lithium iron phosphate (LFP) බැටරි, ෆෝඩ් සමාගමට අයත් මිචිගන්හි පිහිටි අලුත්ම බැටරි කම්හලේදී නිෂ්පාදනය කිරීමට නියමිත අතර, එහි නිෂ්පාදන කටයුතු 2026 දී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

Comments