2025 නොවැම්බර් 23 වන ඉරිදා පැවති F1 ලාස් වේගාස් ග්‍රෑන්ඩ් ප්‍රී තරගය මැක්ස් වර්ස්ටැපන් විසින් ජයග්‍රහණය කලා. මැක්ලරන් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් දෙවැනි තැනටද පෙට්‍රොනාස් මර්සෙඩීස් කණ්ඩායමේ ජෝර්ජ් රසල් තුන්වැනි තැනටද පත්වෙමින් තරඟය අවසන් වුනා.
තරඟයෙන් පසු, ධාවනය කල රථ සියල්ල F1 නියාමන ආයතනය වන FIA තාක්ෂණවේදීන්ගේ සියුම් විමසුමට ලක්වෙන අතර මෙම සමාලෝචන විමසුමේදී 2025 F1 මැක්ලරන් (McLaren) රථ දෙකම යම් නියාමනයන් කඩවෙන ලෙස ගොඩනගා ඇති බව තාක්ෂණවේදීන් තීරණය කලා. ඒ අනුව තරඟතීරකයින් ලැන්ඩෝ නොරිස් (Lando Norris) හා ඔස්කා පියාස්ට්‍රිගේ(Oscar Piastri) තරඟ අවලංගු කොට, ලබාගත් ලකුණුද අහෝසිකලා.
මෙයින් තුන්වැනි තැන සිටි මර්සෙඩීස් ධාවක ජෝර්ජ් රසල්ට දෙවැනි තැනත්, සිව් වැනි තැන සිටි මර්සෙඩීස් ධාවක කිමී ඇන්ටොනෙලි තුන්වැනි තැනටත් පත්වුනා.
මේ අනුව 2025 F1 ශූරයා වීමේ තුන්කොන් සටනක නිරතවෙමින් සිටින රෙඩ් බුල් ධාවක මැක්ස් වෙස්ටපන්, මැක්ලරන් ධාවක ලැන්ඩෝ නොරිස් හා ඔස්කාර් පියැස්ට්‍රිගේ ලකුණු පෙලගැස්ම වෙනස් වුනා.
ඒ අනුව ඉදිරියෙන්ම සිටි ලැන්ඩෝට ලාස් වේගාස් ලකුණු අහෝසිවීම නිසා පසුබෑමකට ලක්වී, එහි වාසිය මැස්ක් වෙස්ටැපන්ට ලැබුණා. කෙසේ වෙතත් තවමත් ලැන්ඩෝ නොරිස් ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටිනවා.
2025 F1 රේස් කැලැන්ඩරයේ ඉතිරිව ඇත්තේ තවත් ධාවන තරඟ දෙකක් පමණයි. ඒ දෙකම මැදපෙරදිග පැවැත්වෙන අතර නොවැම්බර් 30 වැනිදා කටාර් රාජ්‍යයේ ලුසෙයිල් ජාත්‍යන්තර ධාවන පථයේදී (Lusail International Circuit) පැවැත්වෙන අතර අවසාන තරඟය අබුඩාබි යෑස් මැරීනා ධාවන පථයේදී (Yas Marina Circuit) දෙසැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Comments
Post a Comment