NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

SPACE EXPLORATION : චැලෙන්ජර් ෂටලය පුපුරා යාමට මාස හයකට පෙර අණතුරු ඇඟවූ ඉන්ජිනේරුවා.


The Engineer Who Tried to Stop the Challenger Disaster

අවුරුදු 40කට පෙර 1986 ජනවාරි 28 වෙනිදා, 'චැලෙන්ජර්' (Challenger) අභ්‍යවකාශ යානය ගුවන්ගත කර තත්පර 73 කට පස්සේ පුපුරා ගමන්ගත් ගගනගාමීන් සත්දෙනාම මියගියා.

සජීවී රූපවාහිනී විකාශනය නරඹමින් සිටි මිලියන සංඛ්‍යාත ජනතාවට මෙය හදිසියේ සිදුවූ, බලාපොරොත්තු නොවූ ඛේදනීය සිදුවීමක් වුණා. නමුත් ෂටල් යානයට සවිකර තිබූ ඝණ ඉන්ධන බූස්ටර් රොකට් දෙක නිර්මාණය කල මෝටන් තියෝකොල් (Morton Thiokol) සමාගමේ යාන්ත්‍රික ඉන්ජිනේරු රොජර් බොයිස්ජොලි (Roger Boisjoly) මෙය සිදුවිය හැකි බවට දැඩි අණතුරු ඇඟවීමක් කලේ මාස හයකටත් කලින්.

රොජර් බොස්ජොලි සේවය කළේ නාසා (NASA) ආයතනයේ අභ්‍යවකාශ යානා වැඩසටහනට අවශ්‍ය ඝන ඉන්ධන රොකට් බූස්ටර (solid rocket boosters) නිෂ්පාදනය කළ 'මෝටන් තියෝකොල්' (Morton Thiokol) කියන සමාගමේ. 1985 ජූලි මාසයේදී, කලින් සිදුකළ ගුවන්ගත කිරීමක දත්ත පරීක්ෂා කරද්දී බොයිස්ජොලිට ඉතාම බරපතල අණතුරක ඉඟි පෙන්වන දත්ත දකින්නට ලැබුණා.

මේ විශාල රොකට් බූස්ටර හදලා තිබුණේ එකිනෙකට සම්බන්ධ කළ කොටස් කිහිපයකින්. ඒ කොටස් අතරින් රත්වුණු වායුව එළියට යන එක වළක්වන්න, 'ඕ-රින්ග්ස්' (O-rings) ලෙස හඳුන්වන විශාල, ඝණ රබර් වලලු යොදලා ඒ කොටස් තදින් සම්බන්ධවන ලෙසත්, ගිණියම්වූ වායු එළියට කාන්දු නොවන ලෙස සීල්වන ආකාරයට යොදා තිබුණා.

ඒත්, අධික ශීතල කාලගුණය නිසා මේ රබර් වළලු යම් සංකෝචනයකට ලක්වෙලා, ගිණියම්වූ රොකට් වායු එලියට කාණ්දුවීමේ විශාල අවදානමක් තිබෙන්න පුලුවන් බව දත්ත වලින් රොජර්ට පෙනීගියා.

මේ තියෙන අනතුර තේරුම් ගත්තු ඔහු ඒ රබර් වලලු හරියට සීල් වුණේ නැත්නම්, මුළු අභ්‍යවකාශ යානයම විනාශ වෙලා එහි සිටින කාර්ය මණ්ඩලයත් ජීවිතක්ෂයට පත්වෙන මහා විපතක් සිදුවෙන්න පුළුවන් බවට දැඩි අණතුරු ඇඟවීමේ වාර්තාවක් ඉදිරිපත් කරලා, ගැටලුවට ස්ථිර විසඳුමක් සොයාගන්නා තෙක් ඊලඟ ජනවාරියේ සැළසුම්කර ඇති චැලෙන්ජර් ෂටල් පියාසැරිය කළදමන ලෙසත් යෝජනා කලා.

NASA ignores warnings

1986 ජනවාරි 27 වෙනිදා හවස, 'චැලෙන්ජර්' යානය ෆ්ලොරිඩාවේ ගුවන්ගත කරන ස්ථානයේ ලෑස්ති කරලයි තිබුණේ. එදා රෑ උෂ්ණත්වය සෙල්සියස් අංශක -8°C තරම් නියමිත ප්‍රමාණයටත් වඩා අඩුවෙයි කියලා බලාපොරොත්තු වුණා.

මේ තරම් ශීතලට රබර් ඕ-රින්ග්ස් හැකිලී අක්‍රිය වෙන බව දන්න නිසා, රොජර් බොයිස්ජොලි ඇතුළු ඉංජිනේරුවන් කණ්ඩායම නාසා (NASA) නිලධාරීන් එක්ක හදිසි සාකච්ඡාවක් පැවැත්වූවා. පරිසර උෂ්ණත්වය අවම වශයෙන් සෙල්සියස් අංශක 12°C දක්වා ඉහල යනතෙක් ගුවන්ගත කිරීම ප්‍රමාද කරන්න කියලා පැය ගණනාවක් පුරා මේ ඉංජිනේරුවන් නාසා ආයතනයෙන් සහ තමන්ගේ කළමනාකරුවන්ගෙන් ඉල්ලීම් කළා.

කොහොම වුණත්, නියමිත කාලසටහනට වැඩේ කරන්න නාසා ආයතනයට ලොකු බලපෑමක් එල්ල වී තිබුණු නිසා, කළමනාකරුවන් මේ ප්‍රමාද කිරීමට විරුද්ධ වුණා. මේ බලපෑම හමුවේ, 'මෝටන් තියෝකොල්' සමාගමේ ඉහළ විධායක නිලධාරීන් තමන්ගේම ඉංජිනේරුවන්ගේ මතය නොසලකා හැර, යානය ගුවන්ගත කිරීම ආරක්ෂිතයි කියලා නාසා ආයතනයට නිල වශයෙන් දැනුම් දුන්නා.

ලොකු කණගාටුවකින් සහ සිත් තැවුලෙන් ගෙදර ගිය රොජර් එදා රෑ තමන්ගේ බිරිඳ වන ඩාර්ලීන් (Darlene) හට කිව්වේ, පහුවදා උදේ යානය ගුවන්ගත කළොත් "ඒක අනිවාර්යයෙන්ම පිපිරෙනවා" කියලයි.

73 Second Flight


අණතුරු ඇඟවීම් නොතකා ගුවන්ගතකල චැලෙන්ජර් ෂටල් යානය ගුවන්ගතවීමේ පර්යන්තයෙන් මිදී ඉහලට නැගුනු අතර හරියටම 73වැනි තත්පරයේදී රොජර් ඇතුළු ඉන්ජිනේරුවන්ගේ බිහිසුණු අණාවැකිය සත්‍ය කරමින් පුපුරා ගියේ ලොවම සජීවීව බලා සිටියදී

Comments