NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

ARCHEOLOGY / HUMAN HISTORY : නෙෆර්ටීටී රැජිණගේ අභිරහස

Queen Nefertiti as she may have looked in real life before she crowned herself as the Pharaoh  of Egypt - Imagined by Google Nano Banana ( based on the famous bust of Queen Nefertiti)

සුප්‍රකට තුතන්කාමන් රජුගේ සොහොන්ගැබ පිහිටි ස්ථානයට පිටුපසින්  මෙතෙක් කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකිව අභිරහස් ඊජිප්තු ඉතිහාසයෙන් මැකී ගිය නෙෆර්ටිටි රැජිනගේ සොහොන් ගැබ තිබෙනවාද?

නෙෆර්ටිටි රැජින කියන්නේ කවුද?

නෙෆර්ටිටි කියන්නේ ක්‍රිස්තු පූර්ව 1353 ත් 1336 ත් අතර කාලයේ, 18 වන රාජවංශ සමයේ විසූ අකෙනාටන් අගරජුගේ අගමෙහෙසියයි. ඇගේ නමේ තේරුම "සපැමිණි රුවැත්තිය" යන්නයි.  අසාමාන්‍ය ලෙස ප්‍රබල බලතල දැරූ රැජිනක් ලෙස ඇය ප්‍රසිද්ධයි. චිත්‍රවල ඇයව දක්වා තිබෙන්නේ රජුට සමාන මට්ටමේ බලයක් හිමි තැනැත්තියක් විදිහටයි. අග මෙහෙසිය වුවද රජුට සමාන කොට දැක්වීම ඊජිප්තු ෆේරෝ රාජ පෙලපත්වල දකින්නට නොලැබෙන්නක්. එබැවින් නෙෆර්ටිටී සුවිශේෂයි.

අකෙනාටන් සහ නෙෆර්ටිටි මිථ්‍යාදෘෂ්ටිකයන් (heretics) විදිහට හැඳින්වෙන්නේ ඇයි?

ඔවුන්ට කලින්, මිසර වැසියන් දේවතාවුන් සිය ගණනකට වන්දනාමාන කළ අතර, සියලු දෙවිවරුන්ගේ රජු විදිහට සැලකුවේ අමුන් දෙවියන්වයි.

නමුත් නෙෆර්ටිටීගේ රජු අකෙනාටන් අන්තගාමී තීරණයක් ගත්තා: ඔහු පැරණි දෙවිවරුන්ගේ දේවාල වසා දමා, අගනුවර තීබ්ස් නගරයෙන් ඉවත් කර අකෙටාටන් (නූතන අමර්ණා ප්‍රදේශය) නමින් අලුත්ම කාන්තාර නගරයකට ගෙන ගියා. ඒ වගේම එකම එක සත්‍ය දෙවියන් පමණක් සිටින බව ප්‍රකාශ කළා; ඒ තමයි සූර්ය මණ්ඩලය ලෙස දෘශ්‍යමාන වන 'ආටන්' (Aten) දෙවියන්.

මෙය නූතන අර්ථයෙන් පූර්ණ ඒකදේවවාදයක් නොවුණත්, ඊට බොහෝ සෙයින් සමාන වුණා - ඒ කියන්නේ අන් සියලු දෙවිවරුන්ට වඩා එකම දෙවියෙකුට රජය විසින් පනවන ලද වන්දනාවක්. ඔහු තමන්ව හඳුන්වා ගත්තේ ආටන් දෙවියන් සහ ජනතාව අතර සිටින එකම මැදහත්කරුවා විදිහටයි.

A painted stucco-coated limestone bust of Nefertiti, the Great Royal Wife of Egyptian pharaoh Akhenaten. It is on display in the Neues Museum of Berlin

නෙෆර්ටිටීගේ සුවිශේෂී වන්නේ ඇයි?

අකෙනාටන් කරවූ අමර්ණා නගරයේ ඇති රූප හා ශෛලමය සිතුවම් වලට අනුව නෙෆර්ටීටී

පාරාවෝ රජෙකු පමණක් කළ යුතු ආගමික වතාවත් සිදු කලා.

ඇයම යුධ රථයක් පදවමින් සතුරන් පරාජය කරන ආකාරය පිලිඹිඹු වෙනවා.

ඒ වගේම සහ-පාලකයෙකු ලෙස අකෙනාටන් රජු සමඟ කෙළින්ම ආටන් දෙවියන් වන්දනාමාන ආකාරය පිලිඹිඹු වෙනවා.

ඇතැම් ඊජිප්තු විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අකෙනාටන්ගේ මරණයෙන් පසුව, ඇය 'නෙෆර්නෙෆරුආටන්' යන නමින් සහ-පාලක රජෙකු ලෙස පවා රාජ්‍යය පාලනය ගෙනයන්නට ඇති බවයි.

නෙෆර්ටීටී මෙතරම් බලසම්පන්න වුනේ කොහොමද?

අක්නාටන් (Akhenaten) උපත ලැබුවේ තුන්වන අමෙන්හොටෙප් (Amenhotep III) රජුට සහ ටියේ (Tiye) අගරැජිනට දාව, හතරවන අමෙන්හොටෙප් (Amenhotep IV) ලෙසය. ඔහු සාමාන්‍ය උරුමයෙන් රාජ්‍යත්වයට පත් විය. නෙෆර්ටිටි (Nefertiti) ඔහුගේ පාලන සමයේ මුල් භාගයේදීම ඔහුගේ අගමෙහෙසිය (Great Royal Wife) ලෙස ඉතිහාස වාර්තාවලට ඇතුළත් වන අතර, ඇයගෙන් ඔහුට රාජ්‍යත්වය හිමි වූයේ නැත.

රාජ්‍යත්වයේ ආරම්භයේදීම පාහේ අක්නාටන්, සිය මෙහෙසිය නෙෆර්ටිටී වෙනුවෙන් වසර 1,500 ක අතීත සම්ප්‍රදායයන් බිඳ හෙලීය. 

අමර්නා (Amarna) හිදී නෙෆර්ටිටි නිරූපණය කර ඇති ආකාරයට වෙනත් කිසිදු රැජිනක් නිරූපණය කර නොමැත:

  • ඇය බොහෝ ස්ථානයන්හි රජෙකුට සමාන තත්ත්වයෙන්, ඊජිප්තුවේ සතුරන් පරාජය කරන අයුරින්, රථයක ගමන් කරන අයුරින් සහ පාරාවෝවරයෙකුගේ ආකාරයෙන් ආටෙන් (Aten) දෙවියන් වන්දනාමාන කරන අයුරින් නිරූපණය කර ඇත.

  • සාම්ප්‍රදායිකව පාරාවෝවරයාට පමණක් සීමා වූ ආගමික වතාවත් ඇය විසින් ඉටු කරන අයුරු දක්වා ඇත.

  • නෙෆර්ටීටී වෙනුවෙන් කරවූ දෙවොල රජුගේ දෙවොලට සමාන ප්‍රමාණයෙන්ම කරවා තිබේ.අතර, අමර්නාහි ප්‍රසිද්ධ කැටයමක ඇය ආටෙන් දෙවියන් ඉදිරියේ  සතුරෙකුට මුගුරකින් පහර දෙන අයුරු දැක්වේ.

  • ඔහුගේ පාලනයේ 12 වන වසර වන විට, ඇය සම-රාජ්‍යාධිකාරී (co-regent) තත්ත්වයට එනම්,  පාරාවෝවරයාට සමාන තත්ත්වයකට ඔසවා තබන ලද බවට සාක්ෂි ඇත.

  • බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ නෙෆර්ටිටිගේ චරිතය අගමෙහෙසිය යන තත්ත්වයට වඩා ඉහළ නංවා තිබූ අතර, අක්නාටන්ගේ මරණයට පෙර ඇයව රජු විසින් සම-රාජ්‍යාධිකාරී ලෙස උසස් කරන ලද බවයි.

 අක්නාටන් සිය අභිනව ආගමික මතවාදය එනම්, ආටෙන් වන්දනාව ආරම්භ කළ පසු, බලවත් අමුන් (Amun) පූජකයන්ට එරෙහිව එය ක්‍රියාත්මක කිරීමට ඔහුට සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකි  සගයෙකු අවශ්‍ය විය. ඇය එම ආගමික පුනරුත්ථාපනයේදී ඔහුගේ පූර්ණ සහකාරිය බවට පත් වූවාය.

12 වන වසරෙන් පසු ඇගේ නම අතුරුදහන් වන වී නෙෆර්නෙෆරුආටෙන් (Neferneferuaten)  යනුවෙන් හඳුන්වන්නට පටන් ගනී. ඒ ඇයව රජුවිසින් සිය සමතැන්හී ලා සැළකීමට සිදුකරන ආඥාවෙන් පසුව විය යුතුය.

අක්නාටන්ගේ වියෝවෙන් පසු රජුගේ කැමැත්ත පරිදි නෙෆර්නෙෆරුආටෙන් නම් ගත් කාන්තා ෆේරෝවරියක් ලෙස ඊජිප්තුව පාලනය කරන්නට පටන්ගත්තාය.




Comments