INNOVATIONS : ඔරිගාමී කඩදාසියක් මෙන් නැමිය හැකි වෙඩි නොවදින පලිහ


තත්පර කිහිපයකින් දිගහැරගෙන හදිසි වෙඩි ප්‍රහාරවලින් පොලිස් නිළධාරීන් හා ආරක්ෂක හමුදා නිළධාරීන් ආරක්ෂාකල හැකි  අපූරු ආරක්ෂක පලිහක් ඇමරිකාවේ බ්‍රිග්-හැම් යන්ග් විශ්වවිද්‍යාලය මගින් නිර්මාණය කොට තිබෙනවා. කඩදාසි වලින් අපූරු නිර්මාණ සිදුකල හැකි ජපන් ඔරිගාමී කඩදාසි අත්කම් අනුසාරයෙන් හැකිලීමට හා දිගහැරීමට හැකිලෙස නිර්මාණය කොට ඇති මෙයට වෙඩි උණ්ඩ නැවැත්වීමේ හැකියාව තිබෙනවා.

වෙඩි පහරවලට ඔරොත්තු දෙන කබා නිපදවන කෙව්ලාර් ස්ථර 12 කින් නිර්මාණය කොට ඇති මෙය ඉදිරිපසින් මෙන්ම දෙපසින්ද ආරක්ෂාව සලසනවා. පරීක්ෂණ වලදී පිස්තෝල උණ්ඩ නැවැත්වීමේ හැකියාව මෙම ඔරිගාමී පලිහට හැකි බව තහවුරු වී තිබෙනවා.


කිලෝග්‍රෑම් 25ක් බර මෙම පලිහ අකුලා අතේ ගෙනයා හැකි අතර කාර් රථයක බූට් කොටසේ පහසුවෙන් ගෙන යා හැකියි. තත්පර කිහිපයකදී දිගහැරගත හැකි අතර මෙය නිළධාරීන් දෙතුන් දෙනෙකුට ආරක්ෂාව සළසනවා.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments