ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ උතුරු කොරියාවේ නවතම මධ්‍යදුර බැලිස්ටික් මිසයිලයයි. උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍යයේ නිර්මාතෲවරයා වූ කිම් ඉල් සන්ග් (නූතන උතුරු කොරියානු පාලකයාගේ සීයා) ගේ 105 වැනි ජන්මදිනය වෙනුවෙන් පැවති අතිවිශාල හමුදා පෙලපාලියේදී මෙම මිසයිලය ප්‍රථම වතාවට ලොවට එලිදැක්වුනා.
"Game Changer" missile හෙවත් බලතුලනය වෙනස් කල හැකි මිසයිලය ලෙස උතුරු කොරියානුවන් හඳුන්වන මෙම මිසයිලයේ හැකියාවන් කිසිවක් මෙතක් හෙලිවී නෑ.
පසුගිය සෙනසුරාදා හමුදා පෙලපාලියේදී ලොවට හෙලිකල මිසයිලයේ අත්හදා බැලීමේ පියාසැරියක් ඉරිදා (16) සැළසුම් කොට තිබූ අතර මෙම මිසයිල පියාසැරිය නැගෙනහිර වෙරලේ පිහිටා ඇති "සින්පෝ" සබ්මැරීන කඳවුරේදි සිදුවුනා (පහතින් ඇති සිතියම බලන්න). අමෙරිකානු හා දකුණු කොරියානු මාධ්‍ය වාර්තාකල ආකාරයට මිසයිලය ගුවන්ගතවී තත්පර 5කින් පුපුරා විනාශවී ගියා.
මෙම මිසයිල පුපුරායාම පිලිබඳව බී.බී.සියට අදහස් දැක්වූ හිටපු බ්‍රිතාන්‍ය ආරක්ෂකලේකම් වරයෙකු වන සර් මැල්කම් රිෆ්කයින්ඩ්, මෙම මිසයිලය පුපුරායාමට හේතුව ඇමරිකානු ඔත්තුසේවයක් විසින් සිදුකල සයිබර් ප්‍රහාරයක් බව පවසා සිටියා.
ඕනෑම මොහොතක උතුරු කොරියාවට දරුණු ප්‍රහාරයක් එල්ලකිරීමට ඇමරිකාව සූදානමින්!
ඕනෑම මොහොතක උතුරු කොරියාවට දරුණු ප්‍රහාරයක් එල්ලකිරීමට ඇමරිකාව "USS Carl Vinson" ගුවන්යානා ගෙනයන නෞකාව හා ලොස් ඇන්ජලීස් කාණ්ඩයේ න්‍යෂ්ඨික සබ්මැරීනයක් ඇතුලු Carrier Strike Group 1 ප්‍රහාරක බල ඇණිය උතුරු කොරියානු මුහුදුසීමාවට පිටත්කොට යවා තිබෙනවා. ස්ට්‍රයික් ගෲප් වන් ප්‍රහාරක බල ඇණියට F/A 18 Super Hornet ප්‍රහාරක ගුවන්යානා ඇතුලු ගුවන් යානා 90ක් හා සියගණනක් මිසයිල ගෙන යන guided missile destroyer ප්‍රහාරක නෞකාද ඇතුලත්.
__________________________________________________________________________

Comments
Post a Comment